Saturday, April 21, 2012

ඔබේ උස හා බර සැසදෙනවාද......?

ශරීර ස්කන්ධ දර්ශකය(Body Mass Index) 


ශරීර ස්කන්ධ දර්ශකය යනු අපේ ශරීරයේ බර හා උස අතර අනුපාතය පෙන්වන දර්ශකයකි. මෙහි වැදගත්කම වනුයේ එය නිකන්ම නිකන් දර්ශකයකට වඩා අපේ සෞඛයය පිලිබද පැහැදිලි කරන නිදර්ශකයක් වීමයි. මෙය අපේ ආහාර රටාව, වයායාම වල යෙදිම, ඒ වගේම සමහර රෝග වලට ඇති අවදානම වගේ බොහෝ කරුණු පෙන්වනවා. මෙය පහල තියෙන සමීකරණයෙන් ගනනය කරන්න පුලුවන්.

                              ශරීර ස්කන්ධ දර්ශකය(BMI)  =   ඔබේ බර(කිලෝ ග්‍රැම් වලින්)
                                                                              ඔබේ උස2( වර්ග මීටර වලින්) 

නැත්නම් මගේ බ්ලොග් එකේ වම්පත්තේ තියන ගැජට් එකෙනුත් පුලුවන් ඒක ගනනය කරන්න.

                                   

ඊට පස්සේ ඔබේ BMI අගය පහල තියෙන අගයනුත් එක්ක සන්සන්දනය කරලා බලන්න.
                                                                              
                                                                          

             ශ.ස්.ද                                                                                       වර්ග කිරීම

       17.0 ට අඩු                                                                                     අඩු බර
       17.0 සිට 22.9 දක්වා                                                                      සාමනයය
       23.0 සිට 27.9 දක්වා                                                                      අධි බර
       28.0 සිට ඉහලට                                                                            ස්ථුල
                                         (දැනට ශ්‍රි ලංකව තුල යොදා ගන්නා අගයන් අනුව සකසා ඇත)

මෙම අගය රටින් රටට වෙනස් වන අගයක් වෙනවා. එයට හේතු වෙන්නේ අපේ සිරුරේ හැඩය හා ප්‍රමාණය ජාතිය අනුව වෙනස් වීමයි. ඒ අනුව ලෝක සෞඛයය සංවිධානය ලොවටම පොදු අගයක් ඉදිරි පත් කරලා තියනවා.

                ශ.ස්.ද                                                                                    වර්ග කිරීම

           18.0 ට අඩු                                                                                      අඩු බර
           18.0 සිට 24.9 දක්වා                                                                       සාමනයය
           25.0 සිට 29.9 දක්වා                                                                       අධි බර
           30.0 සිට ඉහලට                                                                             ස්ථුල
                                               (මෙය ලංකවේ ගනනය සඳහා සුදුසු නොවේ)


Wednesday, April 18, 2012

සුදු කබර (Vitiligo)

චර්ම රෝග 1

සුදු කබර (Vitiligo)

ඇත්තටම අපේ හමේ කුමක් හෝ රෝගයක් හටගත්තොත් ඒක අපිට වෙන කිසිම ලෙඩකට වඩා දැනෙනවා ඒ වගේ අවස්ථා වල බොහෝ දෙනෙක් කරන්නේ සමාජයෙන් දුරස් වී සිටීමට උත්සහ දැරීම. එවැනි කතා පවා අපේ බෞද්ධ සහිතතයේ තියනවා. නමුත් අප දන්න බොහෝ ලෙඩ නියමිත බෙහෙත් වලින් සුව වෙනවා.

සුදු කබර කියන්නේ කුමක්ද?

සුදු කබර කියන ලෙඩේ හැදුන විට වෙන්නේ සමේ සුදු පැහැති පල්ලම් වගේ තත්ත්වයක් ඇතිවීම. මේක බොහෝ විට ඇස් වට, තොල් අසන්නයේ, අත්වල, ලිංගික අවයව වල විශේෂයෙන් දකින්න ලැබෙනවා. මේ තත්ත්වය ලෝක ජනගහනයෙන් 1-2%ක් පමණ දකින්න ලැබෙනවා. ශ්‍රි ලංකවේ වර්තා වලට අනුව එය 1%ක් පමන වෙනවා. මෙය බොහෝ දුරට අවුරුදු 20ට පෙර ඇතිවෙන තත්ත්ත්වයක්.මෙම රෝග තත්ත්වය විශේෂයෙන් කලු හමක් සහිත පුද්ගයන්ගේ කැපි පෙනුනද සැම ජන කොටසකටම පොදු වේ.


මෙම රෝගය අතිවෙන්නේ ඇයි.....?

මේ දක්වා සොයාගෙන  ඇති කරුනු අනුව මෙයට හේතු වෙන්නේ අපේ හමේ පාට ලබා දීමට මුල්වන මෙලනීන් කියන වර්නකය නිශ්පාදනය කරන සෛල(melanocyte) විනාශ  වී යාමයි. එයට හේතු විදියට ප්‍රධන හේතු 2ක් සොයාගෙන තියනවා. ඒ අතර ප්‍රධන වශයෙන් අසාත්මිකතාවයක් (autoimmune) හඳුන්වන්න පුලුවන්. ඊට අමතරව ජානමය තත්ත්වයක් නිසාත් මෙය ඇති වෙන්න පුලුවන්.


Monday, April 16, 2012

 රිය අනතුරු වල වැඩි වීමක්?


පසුගිය සිංහල හා හින්දු අලුත් අවුරුදු දින කිහිපය තුල සිදු වු රිය අනතුරු 16කින් පුද්ගලයන් 18  දෙනෙක් මිය ගොස් ඇති බව සඳහන් වේ. තවද පොලිස් වාර්තා වලට අනුව සිදුවූ රිය අනතුරු 61ක් අතුරින් පුද්ගලයන් 118කට දරුණු තුවාල සිදුවි ඇත.මෙය පසුගිය වසරට සාපේක්ෂව රිය අනතුරු වල  6%ක ඉහල යාමකි.

තවද පොලිස් වාර්තා අනුව බීමත්ව රිය පැදවීමේ සිදුවීම් 254ක් වාර්තා
වේ.

බීමතින් රිය පැදවීම මෙන්ම අයහපත් කාලගුනයද මේ සඳහා විශේෂයෙන් බලපා ඇත. මීට අමතරව අධිවේගි මර්ගයේ සිදු වු මාර්ග අනතුරු වලද වැඩිවීමක් පෙන්නුම් කරයි.

මෙම දින කිහිපය තුල ජාතික රෝහල වෙත හදීසි අනතුරු වලට සම්බන්ද රෝගී 454ක් වාර්තා වී ඇති අතර එයින් 233ක් රෝහල් ගත කර ඇත.

Friday, April 13, 2012

ඩොක්ටර් හවුස් Dr. House-01


ඩොක්ටර් හවුස්  Dr. House-01

Dr. House ගැන එහෙම අහලා තියනවද ඔය ගොල්ල? මමනම් හිතන්නේ වැඩි දෙනෙක් අහලා තියනවා. ඇත්තටම DH කියන්නෙ ඇමෙරිකාවේ විකාශය වුන කතා මාලාවක්. ඒක විකාශය කරන්නේ Fox network කියන ආයතනයෙන්. ඇත්තටම මට හිතෙන විදියට ඔයාලා ඒක බලලා නැත්නම් බලන්න සුදුසු වැඩසටහනක් කියලා හිතන නිසයි අද මම මේ වැඩසටහන ගැන කතා කරන්නේ. එකේ වැදගත් කොටස් තියනවනම් අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. එකින් එක මොකද අද වෙනකොට මේ වැඩසටහනේ series 8ක් විකාශය වෙලා තියනවා. එක series එකක් ගත්තොත් ඒකෙ කොටස්  20ක් - 25ක් පමණ තියනවා. මේ සේරම ගැන කත කලොත් මට වෙන වැදගත් ලිපි වලට තියෙන වෙලව නැති වෙනවා. ඒත් කියන්න ඕනැ වදගත්ම දේ මේක වින්දනිය වගේම අධයයාපනික වටිනාකමක් තියනවා මෙඩිසින්(medicine)  ඉගෙන ගන්න මට පවා. අනිත් එක මේ කතා මාලාවත් මට බ්ලොග් එක පටන්ගන්න හිතෙන්න හේතුවක්.

අද අපි මේ වැඩසටහනේ චරිත ටික හා ඒගොල්ල ගැන ටිකක් දැන ගනිමු.



කවුද අපි Dr. House කියලා හඳුන්වන්නේ.............?

සම්පුර්ණ නම කියනවනම්  Dr. Gregory House. එයා තමයි අපේ කතා නායකයා වෙන්නේ. මෙයා විශේෂඥ කාය වෛදයයවරයෙක් (VP) ඒ කියන්නේ එයාට සමානයයෙන් පුලුවන් අපේ ශරීරයේ ඕනැම ලෙඩක් එක්ක ගනුදෙනු කරන්න. ඒත් මේ  වෛදයයවරයා සමානයය වෛදයයවරයෙක් විදියට නෙමේ හිතන්නේ ඒක තමයි එයගේ තියෙන විශේෂත්වය. ඔයලා ෂර්ලොක් හෝම්ස් sherlock Holmes කියවලා තියනවනම් අන්න ඒ චරිතෙට ගොඩක් සමානයි. කොටින්ම කියනවනම් සමහර ලෙඩ හොයා ගන්න ගෙවල් වලට හොරෙන් කඩා පනිනවා. ඒ වගේම එයා කාටවත් ඔලුව නමන ජාතියේ කෙනෙක් නෙමේ. කොටින්ම කියනවනම් සමහර වෛදයයවරුන්ට අදල නීති පවා කඩනවා. එයාගේ තියන හොදම දේ හැටියට මම දකින්නෙ හැමදේම කරන්න්නේ හරිදේ වෙනුවෙන්.මෙම වෛදයයවරයා වැඩ කරන්නේ හොස්පිටල් එකේ (Diagnostic department) කියන අංශයේ. එතනට එන ලෙඩ්ඩු ගැන කතා කලොත් ඒ ගොල්ල ගොඩක් අයගේ ලෙඩේ හරියට අඳුන ගන්න ගොඩක් අමරුයි


Thursday, April 12, 2012

ගැස්ට්‍රිටිස් (Gastritis) වලට හේතු මොනවද..?

ආහාර මර්ගයේ රෝග - 01

 
ගැස්ට්‍රිටිස් (Gastritis)

යාලුවනේ මම මෙච්චර කල් මගේ බ්ලොග් එක ලියන්නේ මොනවා ගැනද කිය කිය හිත හිත හිටියේ ඊට පස්සෙ තමයි හිතුනේ ල0කාවේ අය කැමති ඇති ඒ ගොල්ලන්ට නිතර හැදෙන ලෙඩ ගැන කතා කලොත් හොදයි කියල.

 අද මම කතා කරන්න යන්නේ ගැස්ට්‍රිටිස්(Gastritis) ගැන. මම හිතන විදියට ල0කවේ මේ ලෙඩේ දවසකට හරි හැදුනේ නැති කෙනෙක් නැති තරම්.   එහෙම උනහම වැඩි දෙනෙක් කරන්නේ මොකක්හරි පෙත්තක් බීලා ඉන්න එක එහෙමත් නැත්නම් මොකක් හරි යොගට් එකක් වගේ දෙයක් කාලා ඉන්න එක. ඒත් ගැස්ට්‍රිටිස් වල ඇත්ත තත්වේ දන්නවනම් ඔය ගොල්ල එහෙම කරන එකක් නැහැ. මොකද බොහෝ කල් පවතින ගැස්ට්‍රිටිස් නිසා අමශයේ විශාල තුවාල ඇතිවීමේ වගේම එම තුවාල කාලයකට පසුව පිලිකා තත්ත්ව වෙන්න පුලුවන්.

ඇත්තටම ගැස්ට්‍රිටිස් කියන්නෙ මොකක්ද?

ඔයගොල්ල දන්නවා අපේ අමාශය කියන්නේ අපේ ආහාර මාර්ගයේ ප්‍රධන ගබඩාව එතනදි අපි ගන්න ආහාර වලට ගොඩක් දේවල් වෙනවා. එ අතර වැදගත්ම දේවල් දෙකක් තියනවා මේ ලෙඩෙට සම්බන්ධ. එකක් තමයි එතනදි වෙන අම්ල ස්‍රාවය. අනික තමයි එතනදි ස්‍රවය කරන ප්‍රොටියොලිටික එන්සයිම. මේවයෙන් වෙන්නේ අපේ ආහාර ජීර්ණය හරියකාරව පවත්වා ගන්න එක. ඒත් ඒ නිසාම විවිධ අයහපත් ප්‍රතිපල ලබෙන්න පුලුවන් ඒ වගේ එක ලෙඩක් තමයි ගැස්ට්‍රිටිස් කියන්නේ. එකෙන් වෙන්නේ අපේ අමාශ බිත්තිය අපි කියපු දෙවල් වලින් ජීර්නය වෙනවා. වඩා සරලව කීවොත් තුවාල වෙනවා. මෙන්න මේ තත්වය අපි ගැස්ට්‍රිටිස් කියල හඳුන්වනවා