Friday, May 25, 2012

පණුවෙක් කල හදියක්.....................


                   ඩොක්ටර් හවුස් 2 - pilot කතාව

                                                                                
 ඔන්න හවුස් (Dr. House) ගාවට ලෙඩෙක් එනවා. එයා මොන්ටිසෝරි ටීචර් කෙනෙක්. නම robeka. එන්නේ හදිසියේ කතා කරගන්න බැරි වෙලා ඒත් එක්කම ඇති වෙච්ච වලිප්පුව වගේ තත්වයක් එක්ක. ඉතින් මේ ලෙඩාට බෙහෙත් දෙද්දි ඉස්සර වෙලාම සැක කරන තත්ත්වේ තමයි මොලයේ ඇතිවන ගෙඩියක් වගේ දෙයක්. ඉතින් ඒකට ගැලපෙන සාක්ෂියකුත් හම්බවෙනවා ඒක තමයි ගෙඩියකට සාමාන තත්වයක් CT එකේ හම්බ වෙන එක. ඉතින් ඔලුවේ හැදෙන ගෙඩියක් කියපුවාම පිලිකාවක් වෙන්නත් පුලුවන්නේ. මොන විදියේ එකක් වුනත් ඒක බරපතල තත්වයක්. මොකද කීවොත් ඒක නිසා ස්නායු වගේ දේවල් තදවෙලා විවිධ බරපතල තත්ත්ව එන්න පුලුවන්. ඉතින් දොස්තර Wilson තමයි ඉස්සරලාම බෙහෙත් කරන්නේ එයා විකිරණ ( radiotherapy) ප්‍රතිකාරත් කරලා බලනවා. එහෙම හරියන්නේ නැති තැන තමයි හවුස් ලගට එන්නේ.

         ඉස්සර වෙලාම  හැමදාම වගේ කට්ටිය පැටලෙන්නේ පඹගාලක තමයි. ඉතින් ඉස්සර වෙල්ලාම එන විසඳුම තමයි වැස්කූලයිටිස් (vasculitis) කියන තත්වය. ඉතින් බෙහෙත් කරගෙන යද්දි හොද වෙනවා. එත් අයෙමත් තත්වය එක වරම බරපතල වෙන නිසා අයෙත් ඉතින් පරණ තැනට වැටෙන එක තමයි වෙන්නේ. එත් දැන් තියන එකම වැදගත් දේ තමයි ලෙඩාට vasculitis නැ කියන තත්වය දන්න එක. ඒත් තව දුරටත් පිලිකාවක බය තියනවා.


Friday, May 4, 2012

ඔබත් බර අඩුද.......?

                                   ඔබටත් සිහින් බවින් මිදෙන්න ඕනැද......? (1)

          (for English text click here)

අපි මීට පෙර අවස්ථාවේ කතා කලා ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ගැන. ඒත් මට දකින්න ලැබුන විදියට බොහෝ දෙනෙක් තමන්ගේ ශරීර ප්‍රමාණය පිලිබඳ සැහීමකට පත්වෙන්නේ නැ. සමහර විට ඒක අපේ සංස්කෘතියෙන් අපට ලැබුන දෙයක් වෙන්න පුලුවන්. කොහොම වුනත් වැඩි දෙනෙක් එහෙම වෙන්නේ අනවශයය විදියට බවනම් පැහැදිලියි. කොහොම වුනත් අනවශයය විදියට බර අඩුනම් ඒ ගැන සැලකිලිමත් වීම හොද දෙයක්.

බර අඩුවෙන බලපාන සාධක මොනවාද..............?

ඔබත් අඩු බර එහෙමත් නැත්නම් සිහින් සිරුරක් තියන කෙනෙක්නම් ඔබට ඒ සදහා බලපාන හේතුවට සම්පුර්ණ වෙනස් හේතුවක් වෙනත් කෙනෙකුට බලපාන්න පුලුවන්.
1.ජානමය ගැටලු (poor genetic potential)
2.ළමා වියේ සිදුවන වර්ධනයේ දුර්වලතා (poor growth during childhood)
3.ආසදන රෝග (inflectious diseases)
4.පෝෂණ උනතා (malnutrition)
5.අධික ශරිර වයයාම (excess of excsercise)
6.මානසික ආතතිය (mental strees)
7.හෝමෝනමය ගැටලු (hormonal problems)

අපට මෙම ප්‍රශ්නයේදී කලහැකි දේවල් මොනවාද............?

බොහෝ දෙනෙක් තමන්ගේ වර්ධනය අඩුවු ගමන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ වර්ධනය අඩු වීමට හේතුව වර්ධන හෝමෝනයේ(Gowth hormone) අඩුවක් කියලා. ඒ වුනත් ප්‍රශ්නය ඊට වඩා බොහෝවිට සරලයි. මේවගේ ගැටලු අඳුනා ගැනීම හා ඊට පසුව කලයුතු දේවල් ගැන අපි ඊලග ලිපි කිහිපයෙන් කතා කරමු.අඩු බර ඇතිවීමට හේතු පුද්ගලයා අනුව වෙනස් වෙනවා. ඒ නිසා වැදගත්ම දේ තමයි තමන්ගේ ගැටලුව හඳුනා ගන්න එක.