Sunday, January 27, 2013

ලාදුරු(leprasy) කියන්නේ මොනවගේ ලෙඩක්ද...?


චර්ම රෝග(skin disease) - 02

ලාදුරු(leprasy)


ඔන්න ඉතින් කාලෙකට පස්සේ අයෙත් පෝස්ට් එකක් දාන්න හිතුනා. පහුගිය දවස්වල සමේ රෝග ගෙන ටිකක් වැඩිපුර ඉගෙන ගන්න ලැබුන සමේ රෝග සායනයකට ඉතින් මට පහුගිය දින ටිකේ ලාදුරු කියන රෝගය තියන පිරිසක් හම්බුනා අද අපි කතා කරන්න යන්නේ මේ රෝගය ගැනයි. ඇත්තටම කීවොත් මේකට කියන්නේ දුප්පත් කමේ සහ අදුරේ රෝගය කියලා(disease of darkness and poverty).ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි එහෙම කියන්නේ කියලා. මොකද ඒ  කලේ ගොඩක් දුවිලි තියන අදුරු පරිසර වල තමයි මේක පැතිරිලා තියෙන්නේ. මේක සමේ රෝගයක් විදියට පෙනුනට බෝ වෙන්නේනම් සමෙන් නෙවේ.

රෝගය බහුල කා අතරද..?

මෙම රෝගය බහුලවම තියෙන්නේ ගොඩක් අදුරු පරිසර වල ඉන්න පිරිස් අතර හරියටම කීවොත් ක්‍ෂය රෝගය(Tuberculosis) වගේ. ගැහැණු පිරිමි වෙනසක් නෙතුව ඕනෑම කෙනෙකුට හැදෙන්න පුළුවන්. මේ වෙන විට ලෝකයේ ගොඩක් රටවල තුරන් වෙලා තිබුනත් අතීතයේ බරපතලම තිබුන රෝගයක් තමයි මේක. දැනට ලංකාව ගැන කතා කලොත් බොහෝ දුරට පානය වෙලා තියන රෝගයක් කිවුවොත් නිවැරදියි. දැනට රෝගය සම්පුර්ණයෙන්ම සුව කරන්න පුළුවන් ඖෂධ තිබෙන එක තමයි මෙයට ප්‍රධාන හේතුව.