Monday, April 29, 2013

ලාබයි ලාබයි වෛදය උපාධි ලාබයි...!

ශි ලංකාවේ නව අධායපන පෞද්ගලික කරනය


ඔන්න කලෙකට පස්සේ ආයෙත් ලියන්න හිතුනා. ඒ මෙච්චර කල් මගේ බ්ලොග් එකේ කතා නොකරපු කාලීන මාර්තෘකාවක් ගැනැ ඒ තමයි අපේ රෝහල් වලට හා අනාගත විශ්ව විදයාල පද්ධතියට මුහුන දෙන්න ඉතා වැදගත් ප්‍රශ්නයක් ගැන ඒ තමයි රටේ විශ්ව විද්යාල පද්ධතිය පෞද්ගලිකකරනය කිරීමේ දෙවන පියවරේ ඇරබීමයි. මීට කලකට පෙර අපේ සමාජයේ පෞද්ගලික වෛද්යය විද්යාල කියන ප්‍රශ්නය දැඩිව කතා වුනා. එහෙත් මේ වන විට ඊටත් වඩා ඉතා බරපතල ප්‍රශ්නයක් මතු වීගෙන එනවා. කොහොමද ඔයාලට කැමති උපාධියක් කැමති ගානකට ගන්න තිබ්බොත්. ඔන්න එහෙනම් එස් බ් ඇමතිතුමාගෙන් අලුත් වැඩසටහනක් ඇරබිලා තියනවා. ඒ තමයි මෙතෙක් කල් පෞද්ගලික විශ්ව විද්යාල හරහා ගෙනෙන ලද පුද්ගලික උපාදි වලට අමතරව තවත් කටයුත්තක් ඇරබීම. ඒ තමයි රජයේ විශ්ව විද්යල තුලම ශ්‍රි ලන්කවේ උපාදි විකිනීම්.

සමහර විට ඔයගොල්ලන්ටත් හිතෙන්න පුලුවන් කොච්චර හොදද අපටත් මහන්සි වෙන්නේ නැතිව උපාධි ගන්න පුලුවන්නේ කියලා. ඒකත් ඇත්ත කොච්චර හොදද දොස්තර කෙනෙක් වෙන්න තියනවනම් නේද..? ඔන්න එහෙනම් ඔය ගොල්ල හැමෝටම අවස්ථාව තියන්වා දොස්තර කෙනෙක් විතරක් නෙවෙයි, ඉංජිනේරුවෙක්, නීතිවේදියෙක් එහෙමත් නැත්නම් ලංකාවේ තියන ඕනැම උපාදියක් සල්ලි වලට ගන්න.

උපධි විකිනීමේ අලුත්ම ක්‍රමය හා මිල

ඔන්න එහෙනම් කතාවට එන්නම්, මෙතෙක් කල් අපේ  විවිධ රජයන් උත්සහ කලා කෙසේ හෝ අධයාපනය පෞද්ගලිකකරනය කිරීමෙන් මුදල් උපයා ගන්න. ඔන්න එහෙනම් පසුගිය සතිය අවසානය වන විට එහි සම්පූර්ණ වැඩ කටයුතු අවසාන වීමෙන් අනතුරුව ගැසට් පත්‍රය නිකුත් වුනා. එහි සදහන් විදියට කොටියෙන්ම ලොකේ ඕනැම කෙනෙක්ට හෝ ලංකාවේ ඕනැම කෙනෙකුට අවශය මුදල තමා සතු බව පෙන්වීමෙන් මේ සදහා ඇතුල් විය හැකිය. එහි විවිධ කරුණු ගැන කතා කරලා තිබුනත් අවසන් වශයෙන් සාරංශය එයයි. ඒ සදහා $12,000 ක මුදලක් වාර්ෂිකව ගෙවිය යුතු වෙනවා. එය ආසන්න වශයෙන් වසරකට රුපියල් 1,560,000.00 මුදලක් වෙනවා. ඒ කියන්නේ වසර 5 අවසානයේ රුපියල් 7,800,000.00 එහෙමත් නැත්නම් රුපියල් ලක්ෂ 78ක් වැයවෙනවා. මෙය වෛද්යය සහ දන්ත වෛද්යය සිසුන් සදහා යන වියදමයි. ඊට අමතරව විව්ධ පාඨමාල සදහා විවිධ මුදල් නියම කර ඇත.

Friday, April 12, 2013

සමබල ආහාර වේලක් (balance diet) සකසන්නේ කෙසේද...?

පෝෂණය



අද සමජයේ අපට නිතර හමුවන ප්‍රශ්න අතර උසට සරිලන බර නොතිබීම, උස අඩු වීම, බර අඩු වීම, කෙට්‍ටුවීම වගේ අහාර වල ඇති අඩුපාඩු නිසා ඇතිවන ප්‍රශ්න වගේම හර්ද රෝග, දියවැඩියාව, තරබාරු බව වගේ ආහාර වල ඇති විෂම සැකැස්ම නිසා ඇතිවන රෝග තත්ත්වයනුත් බහුල වෙනවා. කොටින්ම කීවොත් අද අපට බොහෝ විට බෝවන රෝග වල බලපැම අඩුවීමත් සමගම මෙවැනි හේතු නිසා ඇතිවන බෝ නොවන රෝගවල කෙමෙන් කෙමෙන් ඇතිවන වර්ධනයක් දක්නට ලැබෙනවා. සමහර තරුණ පරපුරේ අවශයතාවයක් වෙන්නේ හොද ඇගක් හදා ගැනීමයි. ඉතින් ඒ හැමදෙයටම වඩා වැදගත් වනුයේ සමබර ආහාර වේලකි. මන්ද යත් ඔබ ඔබට අවශය වන ආකාරයේ සමබල ආහාර වේලක් ගන්නේ නම් ඔබට අනිවාර්යෙන්ම ඒ තැනට ලගාවිය හැකියි.

සමබල ආහාර වේලක අඩංගු වියයුතු පෝෂක මොනවාද..?

මෙය නිතර කතබහට ලක්වෙන ප්‍රශ්නයක් වෙනවා. ඒත් බොහේ දෙනෙක් මෙහි වැදගත්කම තේරුම් ගෙන නැහැ. ඔබ සමබල ආහාර වේලක් ගැනීමට බලපොරොත්තු වෙන්නේ නම් අනිවර්යෙන්ම පහත පෝෂක ඔබේ ආහාරයේ අඩංගු විය යුතුයි.
1. කාබෝහයිඩ්‍රේට (පිෂ්ඨය හා සීනි වර්ග)
2. ප්‍රෝටීන ( ඇමයිනේ අම්ල)

Thursday, April 4, 2013

ආර්තවහරනය (menopause) යනු කුමක්ද..?


ලිංගික අධයාපන තීරය(sex education ) - 01

ඔසප් චක්‍රය හා අර්තවහරනය(menstrual cycle)



ඔබ ස්ත්‍රීයක් නම් ඔබේ ජීවිතේ කවදාහරි මුහුන දෙන්න වෙන තත්ත්වයක් තමයි ආර්තව හරනය කියලා අපි හදුන්වන්නේ. ඉතින් වසර ගනනක් පුරා මාසික ඔසප් චක්‍රයකට මුහුන දුන්න ගැහැනු ලමයෙක් වැඩිහිටි ස්ත්‍රියක් වීමෙන් පසු දරුවන් ලබා අවසන්ව තමගේ ජීවිතේ සැදැ සමයට ලන්වීමක් ලෙසත් මෙය දැකිය හැකියි. ඒ කෙසේ වුවත් අනෙකුත් සියලුම ජීව විශේෂ වගේම මිනිසුන්නටත් ප්‍රජනනය කියන සන්සිද්ධිය අත්තයවශ්යය ක්‍රියාවලියක් වෙනවා. ඒ තමන්ගේ වර්ගයගේ සුරක්ශිත භාවය වෙනුවෙන්. ඉතින් මල්වර වීමත් සමග ඇතිවන ඔසප් චක්‍රයේ අවසානය විදියටත් මෙය හදුන්වන්න පුලුවන් වෙනවා.
 එය ස්ත්‍රියකගේ ජීවිතේ විශාල වෙනස්කම් රාශියකට හේතු වන ක්‍රියවලියක් වෙනවා. සමහර විට ඔසප් චක්‍රය නැවතීම විශාල ජයග්‍රහනයක් සේ දැනෙන්නට පුලුවන්. ඒ මොකද කීවොත් මෙම මාසික ක්‍රියාවලිය එක අයුරකින් විශාල මානසික කරදරයක් සේ දැනෙන නිසයි. ඒ කොහොම වුනත් එහි අවසන් ප්‍රතිඵලය වන්නේ එයට සැබැවින්ම වෙනස් සන්සිද්ධියක්. ඒ තමයි ඊස්ට්‍රජන් කියන හෝමෝනය අඩුවීමත් සමග විවිධ ශාරීක මෙන්ම මානසික  අපහසුතවයන්ට පත්වීමට ඇති හැකියවයි.