Friday, May 3, 2013

විටමින් ඒ වල වැදගත්කම් මොනවාද..?(importance of Vitamin A)

 සමබල ආහාර සහ විටමින් ඒ 

පෝෂණය 2


රෙටිනෝල්(retinol), කැරොටිනෝයිඩ් ඇසිඩ්(carotenoid acid) යන විවිධ නම් වලින් හදුන්වන විටමින් ඒ යනු මේදයේ ද්‍රාවය විටමිනයක් ලෙස හැදින්විය හැකිය. එලෙසම විටමින් ඒ (Vitamin A) යනු අපේ ශරීරයේ පැවැත්මට ඉතා වැදගත් සාධකයක් ලෙස හැදින්විය හැකිය. මන්ද, ඉතා සුලු ප්‍රමාන වලින් අවශය වුවද ශරීරයේ ක්‍රියාකාරීත්වයේදී විටමින් ඒ (Vitamin A) ඉතා වැදගත් කාර්යය භාරයක් ඉ‍ටු කරන බැවිනි. ඒ අනුව සමබල ආහාර වේලක ඉතා වැදගත් සංඝටකයක් ලෙස විටමින් ඒ හදුන්වා දිය හැකිය.

ශරීරයේ පැවත්මට විටමින් ඒ වල වැදගත්කම කුමක්ද..?

ඇසෙහි මනා ක්‍රියාකාරීත්වය සහ විටමින් ඒ
විටමින් ඒ වල ප්‍රධාන වැදගත්කම ලෙස දැක්විය හැක්කේ පෙනීමට සම්බන්ධව එහි ඇති කාර්යය භරයයි. අපේ ඇසෙහි ක්‍රියාකාරීත්වය රදා පවතිනුයේ ආලෝකය වැටිමත් සමගම සිදුවන ඉතා සංකීර්ණ රසායනික ක්‍රියා දාමයක ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව මෙම ක්‍රියවලියේ අවසාන වශයෙන් දෘෂ්ඨික ස්නායුව උත්තේජනය වීම සිදුවේ. එමගින් අපට පැනීම ලැබේ. නමුත් මෙම ක්‍රියා වලිය අඩු ආලෝකයේදී සිදුවන්නේ ඉතා අක්‍රමවත් ලෙසය. මෙය ක්‍රමවත්ව පවත්වාගෙනයාම සදහා විටමින් ඒ අතයාවශය වේ.