Thursday, April 4, 2013

ආර්තවහරනය (menopause) යනු කුමක්ද..?


ලිංගික අධයාපන තීරය(sex education ) - 01

ඔසප් චක්‍රය හා අර්තවහරනය(menstrual cycle)



ඔබ ස්ත්‍රීයක් නම් ඔබේ ජීවිතේ කවදාහරි මුහුන දෙන්න වෙන තත්ත්වයක් තමයි ආර්තව හරනය කියලා අපි හදුන්වන්නේ. ඉතින් වසර ගනනක් පුරා මාසික ඔසප් චක්‍රයකට මුහුන දුන්න ගැහැනු ලමයෙක් වැඩිහිටි ස්ත්‍රියක් වීමෙන් පසු දරුවන් ලබා අවසන්ව තමගේ ජීවිතේ සැදැ සමයට ලන්වීමක් ලෙසත් මෙය දැකිය හැකියි. ඒ කෙසේ වුවත් අනෙකුත් සියලුම ජීව විශේෂ වගේම මිනිසුන්නටත් ප්‍රජනනය කියන සන්සිද්ධිය අත්තයවශ්යය ක්‍රියාවලියක් වෙනවා. ඒ තමන්ගේ වර්ගයගේ සුරක්ශිත භාවය වෙනුවෙන්. ඉතින් මල්වර වීමත් සමග ඇතිවන ඔසප් චක්‍රයේ අවසානය විදියටත් මෙය හදුන්වන්න පුලුවන් වෙනවා.
 එය ස්ත්‍රියකගේ ජීවිතේ විශාල වෙනස්කම් රාශියකට හේතු වන ක්‍රියවලියක් වෙනවා. සමහර විට ඔසප් චක්‍රය නැවතීම විශාල ජයග්‍රහනයක් සේ දැනෙන්නට පුලුවන්. ඒ මොකද කීවොත් මෙම මාසික ක්‍රියාවලිය එක අයුරකින් විශාල මානසික කරදරයක් සේ දැනෙන නිසයි. ඒ කොහොම වුනත් එහි අවසන් ප්‍රතිඵලය වන්නේ එයට සැබැවින්ම වෙනස් සන්සිද්ධියක්. ඒ තමයි ඊස්ට්‍රජන් කියන හෝමෝනය අඩුවීමත් සමග විවිධ ශාරීක මෙන්ම මානසික  අපහසුතවයන්ට පත්වීමට ඇති හැකියවයි.



ඔසප් චක්‍රය නැවතීමට හේතු මොනවද..?

 මේ සදහා විශේෂ හේතුවක් බලපන්නේ නැහැ. බොහෝ විට එය ස්වාභාවික සන්සිද්ධියක් කීවොත් නිවැරදියි. එයට හේතුව වන්නේ ස්ත්‍රියකගෙන් මවක් වීමට සුදුසු අවශයතා ගිලිහී යමයි. එය මෙසේ පැහැදිලි කරන්න පුලුවන්. ඔබ දරුවෙක් බලපොරොත්තු වෙනවනම් එයට අවශයය ශරීර ශක්තිය ඔබ සතුව පැවතිය යුතුයි. එසේ නොවේනම් ඔබගෙන් තවදුරටත් දරුවෙක් බලපොරොත්තු විය නොහැකියි. මන්ද එය ඔබට මෙන්ම දරුවාටද භයානක තත්වයක් වෙනවා. ඉතින් මෙම තත්වය මග හරවන්න අතිවූ පරිනාමික ක්‍රියවලියක් විධියට මම මෙය දකිනවා.

කොහොම වුනත් ඔබගේ ආර්තව හරනය වෙනත් රෝග තත්ත්ව වගේම ශල්යකර්ම නිසාද විය හැකියි.

ආර්තව හරනය සිදු වන්නේ කුමන වයසේදිද....?


මෙම ක්‍රියවලිය සදහා නිශ්චිත වයසක් හිය නොහැකි වුවත් බොහෝ විට වයස 45 - 50 අතර කාලය තුල සිදු වෙනවා. සමහර විටෙක තමගේ මවගේ ආර්තව හරනය වු කලයට අසන්න කාලයක මෙය වෙන්න පුලුවන්.

ආර්තව හරනය හදුනා ගන්නේ කෙසේද..?

මෙය එක් වර සිදුවන ක්‍රියාවලියක් ව්දියට අර්ථ දැක්වීම නොසුදුසුයි. මොකද කීවොත් එය වර්ෂ කිහිපයක් පුරා සිදුවන ක්‍රියාදාමයක් වෙනවා. මේ සදහා විශේෂ පරික්ෂන කිසිවක් අවශය නොවන අතර ඔබටම හදුනා ගත හැකියි. එය පහත ලක්ශන වලින් සමන්විත වෙනවා.
මහන්සි ගතිය
නින්ද සම්බන්ධ ප්‍රශ්න
මානසික ආතතිය
මානසික අවපීඩනය
අමතක වීමේ ස්වාභාවය
අධික දහඩිය දැමීම


අර්තවහරනය නිසා අතිවන ප්‍රශ්න මොනවාද..?

මුලින් සදහන් කල ආකරයට අර්තවහරනය සමගම තවත් රෝග ගනනවකට ඔබට මුහුන දෙන්න වෙනවා. ඒ අතර හර්ද රෝග, හන්දි හා අස්ති සම්බන්ද තත්ව, මනසික ප්‍රශ්න වගේ විවිධ රෝග සදහ ඇති එඩකඩ වැඩි වීම දක්නට ලැබෙනවා.

ඔබ සුදානම් විය යුත්තේ කෙසේද...?

මෙය ස්වභාවික තත්ත්වයක් නිසා ඔබට අනිවාර්යෙන්ම මෙම තත්වයට මුහුන දෙන්න වෙනවා. ඒ නිසා අදාල කරුණු හොදින් අධයයනය කිරීම හා ඒ සදහා මනස සකස් කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඔබ බොහෝ අඩු වයසින් මෙම තත්වයට මුහුන දුන්න හොත් ඒ සදහා අමතර ප්‍රතිකාර ඔබේ වෛදයවරයා මර්ගයෙන් ලබා ගන්න.

අවසන් වශයෙන් ඔබට වැඩිදුර අවබෝධය සදහා පහල ඇති ලින්ක් එක භාවිතා කරන්න.
signs and symptoms of menopause

Menopause society of Sri Lanka

No comments:

Post a Comment