Showing posts with label වෙද මැදුර. Show all posts
Showing posts with label වෙද මැදුර. Show all posts

Monday, April 29, 2013

ලාබයි ලාබයි වෛදය උපාධි ලාබයි...!

ශි ලංකාවේ නව අධායපන පෞද්ගලික කරනය


ඔන්න කලෙකට පස්සේ ආයෙත් ලියන්න හිතුනා. ඒ මෙච්චර කල් මගේ බ්ලොග් එකේ කතා නොකරපු කාලීන මාර්තෘකාවක් ගැනැ ඒ තමයි අපේ රෝහල් වලට හා අනාගත විශ්ව විදයාල පද්ධතියට මුහුන දෙන්න ඉතා වැදගත් ප්‍රශ්නයක් ගැන ඒ තමයි රටේ විශ්ව විද්යාල පද්ධතිය පෞද්ගලිකකරනය කිරීමේ දෙවන පියවරේ ඇරබීමයි. මීට කලකට පෙර අපේ සමාජයේ පෞද්ගලික වෛද්යය විද්යාල කියන ප්‍රශ්නය දැඩිව කතා වුනා. එහෙත් මේ වන විට ඊටත් වඩා ඉතා බරපතල ප්‍රශ්නයක් මතු වීගෙන එනවා. කොහොමද ඔයාලට කැමති උපාධියක් කැමති ගානකට ගන්න තිබ්බොත්. ඔන්න එහෙනම් එස් බ් ඇමතිතුමාගෙන් අලුත් වැඩසටහනක් ඇරබිලා තියනවා. ඒ තමයි මෙතෙක් කල් පෞද්ගලික විශ්ව විද්යාල හරහා ගෙනෙන ලද පුද්ගලික උපාදි වලට අමතරව තවත් කටයුත්තක් ඇරබීම. ඒ තමයි රජයේ විශ්ව විද්යල තුලම ශ්‍රි ලන්කවේ උපාදි විකිනීම්.

සමහර විට ඔයගොල්ලන්ටත් හිතෙන්න පුලුවන් කොච්චර හොදද අපටත් මහන්සි වෙන්නේ නැතිව උපාධි ගන්න පුලුවන්නේ කියලා. ඒකත් ඇත්ත කොච්චර හොදද දොස්තර කෙනෙක් වෙන්න තියනවනම් නේද..? ඔන්න එහෙනම් ඔය ගොල්ල හැමෝටම අවස්ථාව තියන්වා දොස්තර කෙනෙක් විතරක් නෙවෙයි, ඉංජිනේරුවෙක්, නීතිවේදියෙක් එහෙමත් නැත්නම් ලංකාවේ තියන ඕනැම උපාදියක් සල්ලි වලට ගන්න.

උපධි විකිනීමේ අලුත්ම ක්‍රමය හා මිල

ඔන්න එහෙනම් කතාවට එන්නම්, මෙතෙක් කල් අපේ  විවිධ රජයන් උත්සහ කලා කෙසේ හෝ අධයාපනය පෞද්ගලිකකරනය කිරීමෙන් මුදල් උපයා ගන්න. ඔන්න එහෙනම් පසුගිය සතිය අවසානය වන විට එහි සම්පූර්ණ වැඩ කටයුතු අවසාන වීමෙන් අනතුරුව ගැසට් පත්‍රය නිකුත් වුනා. එහි සදහන් විදියට කොටියෙන්ම ලොකේ ඕනැම කෙනෙක්ට හෝ ලංකාවේ ඕනැම කෙනෙකුට අවශය මුදල තමා සතු බව පෙන්වීමෙන් මේ සදහා ඇතුල් විය හැකිය. එහි විවිධ කරුණු ගැන කතා කරලා තිබුනත් අවසන් වශයෙන් සාරංශය එයයි. ඒ සදහා $12,000 ක මුදලක් වාර්ෂිකව ගෙවිය යුතු වෙනවා. එය ආසන්න වශයෙන් වසරකට රුපියල් 1,560,000.00 මුදලක් වෙනවා. ඒ කියන්නේ වසර 5 අවසානයේ රුපියල් 7,800,000.00 එහෙමත් නැත්නම් රුපියල් ලක්ෂ 78ක් වැයවෙනවා. මෙය වෛද්යය සහ දන්ත වෛද්යය සිසුන් සදහා යන වියදමයි. ඊට අමතරව විව්ධ පාඨමාල සදහා විවිධ මුදල් නියම කර ඇත.

Thursday, April 4, 2013

ආර්තවහරනය (menopause) යනු කුමක්ද..?


ලිංගික අධයාපන තීරය(sex education ) - 01

ඔසප් චක්‍රය හා අර්තවහරනය(menstrual cycle)



ඔබ ස්ත්‍රීයක් නම් ඔබේ ජීවිතේ කවදාහරි මුහුන දෙන්න වෙන තත්ත්වයක් තමයි ආර්තව හරනය කියලා අපි හදුන්වන්නේ. ඉතින් වසර ගනනක් පුරා මාසික ඔසප් චක්‍රයකට මුහුන දුන්න ගැහැනු ලමයෙක් වැඩිහිටි ස්ත්‍රියක් වීමෙන් පසු දරුවන් ලබා අවසන්ව තමගේ ජීවිතේ සැදැ සමයට ලන්වීමක් ලෙසත් මෙය දැකිය හැකියි. ඒ කෙසේ වුවත් අනෙකුත් සියලුම ජීව විශේෂ වගේම මිනිසුන්නටත් ප්‍රජනනය කියන සන්සිද්ධිය අත්තයවශ්යය ක්‍රියාවලියක් වෙනවා. ඒ තමන්ගේ වර්ගයගේ සුරක්ශිත භාවය වෙනුවෙන්. ඉතින් මල්වර වීමත් සමග ඇතිවන ඔසප් චක්‍රයේ අවසානය විදියටත් මෙය හදුන්වන්න පුලුවන් වෙනවා.
 එය ස්ත්‍රියකගේ ජීවිතේ විශාල වෙනස්කම් රාශියකට හේතු වන ක්‍රියවලියක් වෙනවා. සමහර විට ඔසප් චක්‍රය නැවතීම විශාල ජයග්‍රහනයක් සේ දැනෙන්නට පුලුවන්. ඒ මොකද කීවොත් මෙම මාසික ක්‍රියාවලිය එක අයුරකින් විශාල මානසික කරදරයක් සේ දැනෙන නිසයි. ඒ කොහොම වුනත් එහි අවසන් ප්‍රතිඵලය වන්නේ එයට සැබැවින්ම වෙනස් සන්සිද්ධියක්. ඒ තමයි ඊස්ට්‍රජන් කියන හෝමෝනය අඩුවීමත් සමග විවිධ ශාරීක මෙන්ම මානසික  අපහසුතවයන්ට පත්වීමට ඇති හැකියවයි.

Thursday, March 28, 2013

ඉරුවාරදය(Migraine) ඔබටත් තියනවාද....?


ස්නායු රෝග(neurological diseases) - 01

ඉරුවාරදය සහ හිසරදය (Migraine & Headache)


ඇත්තටම අද වෙනකොට අපි විව්ධ ලෙඩ රෝග ගැන කතකරලා තියනවා. ඒ අතර ගැස්ට්‍රිටිස්, හර්පීස් වගේ ලෙඩ රෝග ගනනවක්ම තිබුණා. ඉතින් මේ වෙනතෙක් මාත් එක්ක දිගටම හිටපු මගේ පඨකයන්ට මම ගොඩක් ණය ගැතියි. ඇත්තෙන්ම කොච්චර වැඩ තිබුනත් ඉදල හිටලා හරි පොස්ට් එකක් දාන්නේ ඒ ගොල්ල වෙනුවෙන්. තවත් කියන්න තියෙන්නේ ඔයලාට තියන ප්‍රශ්න කොමෙන්ට් එකක් විඩියට දාන්න බැරිනම් මගේ ලිපිඅක් එවන්න. නැත්නම් මගේ මුහුනු පොතේ පිට්වට යොමු කරන්න.

ඇත්තෙන්ම කීව වගේ අද අපි කතා කරන්න යන්නේ නිතර හමු නොවන එත් ටිකක් වෙනස් හා හොදින් හදුනා ගතයුතු රෝගයක් ඒ තමයි ඉරුවරදය එහෙමත් නැත්නම් Migraine.

Monday, February 18, 2013

මල දේහයක් වෛද්‍ය විද්‍යාලයකට ප්‍රදානය කරන්නේ කොහොමද...? (How to donate a body in Sri Lanka))


අපේ සමාජය දානය කියන සංකල්පය බොහෝ හොදින් පුරුදු කරන සමාජයක්. අපේ මිල මුදල් යන වාහන, විතරක් නොවේ ඇස්, රුධිරය, පටක කොටස් වල සිට සමහර අවස්ථා වල ජීවිතය පවා දන්දෙන්නට ඔවුන් පුරුදු වෙලා ඉන්නවා. උදහරනකක් විදියට අද  අපේ රටේ සමහර පින්වතුන් දුන් රුධිරය මෙතකෙයි කියල නිම කරන්න බැහැ. ඉතින් මේක නිසා බොහෝ රෝගීන්ට කිසිදු ප්‍රශ්නයක් නැතුව තම ජීවිතය පවත්වා ගන්න ලැබෙනවා. මේ අතර තැලසීමිය රෝගීන්, ශල්‍ය කාර්ම වලට භාජනය වන ය බොහොමයි. මීට අමතරව අද මම කතා කරන්න යන්නේ තවත් වැදගත් දානමය පින්කමක් සම්බන්ධවයි. ඒ ඔබේ ශරීරය දැන් දීමයි.

ශරීරය දැන් දීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද..?

ඇත්තටම ඔබට මෙවැනි ප්‍රශ්නයක් සිතේ ඇතිවීම සාධරණයි. ඇත්තටම මියගිය දේහයක් වල දැමීම හැර වෙනත් දෙයක් සඳහා යද ගත හැකිද යන්නයි. ඇත්තෙන්ම කීවොත් එවැනි දේහ වෛද්‍ය විද්‍යාල වල ඉගෙනුම සදහා බොහෝ වැදගත් වෙනවා. මොකද කීවොත් වෛද්‍ය ශිෂයන් තමන්ගේ මුල් වසර දෙක බොහොමයක් ගත  කරන්නේ ශරීරය පිලිබඳ හැදෑරීමෙන්. ඉතින් මෙම කාර්යයට ඒවා විච්චේදනය කිරීම (dissection) අවශ්‍ය වෙනවා.

Saturday, February 2, 2013

හර්පීස් (Herpes) වලින් ප්‍රවේසම් වෙමු.


සමාජ රෝග(STD)- 01

හර්පීස්(herpes)


දිගු කාලෙකට පස්සේ ලියපු ලාදුරු(Leprasy) ගැන ලිපිය ගොඩ දෙනෙක් බලලා තුබුන නිසා මට හිතුන මගේ සෙනසුරාදා හවස මගේ පාඨක ඔබ වෙනුවෙන් වෙන් කරන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සමේ රෝගයක් ගැන නෙවේ, සමාජ රෝගයක් ගැන. මෙම රෝගයේ නම තමයි ලිංගික හර්පීස් (Genital herpes). කොටින්ම කීවොත් අපේ රටේ සමාජ රෝග අතරින් බහුලව වාර්තා වන රෝගයක් කීවොත් නිවැරදියි. ඒඩ්ස්  හැරුණු විට විට බොහෝ සමාජ රෝග(STD) සම්පුර්ණයෙන්ම සුව කරන්න පුළුවන් වුනත් මෙම රෝගය සමහරවිට නැවත නැවත මතුවීමේ අවදානමක් තියනවා. රෝගයක් වශයෙන් බොහෝ බරපතල නොවුවත්, මෙය බොහොම කරදරකාරී ලෙඩක් වෙනවා.

හර්පීස් ගැන අපි දැනගතයුතු වන්නේ ඇයි..?

කොටින්ම කීවත් අපි බොහෝදෙනා සමාජ රෝගවලින් පෙලෙන රෝගීන් විදින පීඩාවන් දැකල තියනවා බොහොම අඩුයි. ඇත්තෙන්ම එහෙම දැනුවත් වුනානම් මෙවැනි රෝගවල ව්‍යාප්තිය බොහෝ දුරට අඩු වෙන්න තිබුණා. මෙම රෝගය ගැන මම මුලින්ම අවදානය යොමුකළේ මට මුලින්ම මෙවැනි රෝගියෙක් වාර්තා වුන දිනයෙයි. මම බොහෝ වෙලාවක් එම පුද්ගලයාගේ කතාවට ඇහුන්කම් දුන්නා, ඉතින් අවසානෙට මට ඇතිවුනේ බොහොම කලකිරීමක් හා දුකක්. අසීමිතව අසවල් පසුපස හබායන එක අවසන් වෙන ආකාරය ගැන. ඉතින් එදා පටන් මට තවත් රෝගීන් ගණනාවක් හමුවුනත් ඔවුන් සැමදෙනාගේම කතාව බොහෝදුරට සමානයි.

Sunday, January 27, 2013

ලාදුරු(leprasy) කියන්නේ මොනවගේ ලෙඩක්ද...?


චර්ම රෝග(skin disease) - 02

ලාදුරු(leprasy)


ඔන්න ඉතින් කාලෙකට පස්සේ අයෙත් පෝස්ට් එකක් දාන්න හිතුනා. පහුගිය දවස්වල සමේ රෝග ගෙන ටිකක් වැඩිපුර ඉගෙන ගන්න ලැබුන සමේ රෝග සායනයකට ඉතින් මට පහුගිය දින ටිකේ ලාදුරු කියන රෝගය තියන පිරිසක් හම්බුනා අද අපි කතා කරන්න යන්නේ මේ රෝගය ගැනයි. ඇත්තටම කීවොත් මේකට කියන්නේ දුප්පත් කමේ සහ අදුරේ රෝගය කියලා(disease of darkness and poverty).ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි එහෙම කියන්නේ කියලා. මොකද ඒ  කලේ ගොඩක් දුවිලි තියන අදුරු පරිසර වල තමයි මේක පැතිරිලා තියෙන්නේ. මේක සමේ රෝගයක් විදියට පෙනුනට බෝ වෙන්නේනම් සමෙන් නෙවේ.

රෝගය බහුල කා අතරද..?

මෙම රෝගය බහුලවම තියෙන්නේ ගොඩක් අදුරු පරිසර වල ඉන්න පිරිස් අතර හරියටම කීවොත් ක්‍ෂය රෝගය(Tuberculosis) වගේ. ගැහැණු පිරිමි වෙනසක් නෙතුව ඕනෑම කෙනෙකුට හැදෙන්න පුළුවන්. මේ වෙන විට ලෝකයේ ගොඩක් රටවල තුරන් වෙලා තිබුනත් අතීතයේ බරපතලම තිබුන රෝගයක් තමයි මේක. දැනට ලංකාව ගැන කතා කලොත් බොහෝ දුරට පානය වෙලා තියන රෝගයක් කිවුවොත් නිවැරදියි. දැනට රෝගය සම්පුර්ණයෙන්ම සුව කරන්න පුළුවන් ඖෂධ තිබෙන එක තමයි මෙයට ප්‍රධාන හේතුව.

Friday, May 4, 2012

ඔබත් බර අඩුද.......?

                                   ඔබටත් සිහින් බවින් මිදෙන්න ඕනැද......? (1)

          (for English text click here)

අපි මීට පෙර අවස්ථාවේ කතා කලා ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ගැන. ඒත් මට දකින්න ලැබුන විදියට බොහෝ දෙනෙක් තමන්ගේ ශරීර ප්‍රමාණය පිලිබඳ සැහීමකට පත්වෙන්නේ නැ. සමහර විට ඒක අපේ සංස්කෘතියෙන් අපට ලැබුන දෙයක් වෙන්න පුලුවන්. කොහොම වුනත් වැඩි දෙනෙක් එහෙම වෙන්නේ අනවශයය විදියට බවනම් පැහැදිලියි. කොහොම වුනත් අනවශයය විදියට බර අඩුනම් ඒ ගැන සැලකිලිමත් වීම හොද දෙයක්.

බර අඩුවෙන බලපාන සාධක මොනවාද..............?

ඔබත් අඩු බර එහෙමත් නැත්නම් සිහින් සිරුරක් තියන කෙනෙක්නම් ඔබට ඒ සදහා බලපාන හේතුවට සම්පුර්ණ වෙනස් හේතුවක් වෙනත් කෙනෙකුට බලපාන්න පුලුවන්.
1.ජානමය ගැටලු (poor genetic potential)
2.ළමා වියේ සිදුවන වර්ධනයේ දුර්වලතා (poor growth during childhood)
3.ආසදන රෝග (inflectious diseases)
4.පෝෂණ උනතා (malnutrition)
5.අධික ශරිර වයයාම (excess of excsercise)
6.මානසික ආතතිය (mental strees)
7.හෝමෝනමය ගැටලු (hormonal problems)

අපට මෙම ප්‍රශ්නයේදී කලහැකි දේවල් මොනවාද............?

බොහෝ දෙනෙක් තමන්ගේ වර්ධනය අඩුවු ගමන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ වර්ධනය අඩු වීමට හේතුව වර්ධන හෝමෝනයේ(Gowth hormone) අඩුවක් කියලා. ඒ වුනත් ප්‍රශ්නය ඊට වඩා බොහෝවිට සරලයි. මේවගේ ගැටලු අඳුනා ගැනීම හා ඊට පසුව කලයුතු දේවල් ගැන අපි ඊලග ලිපි කිහිපයෙන් කතා කරමු.අඩු බර ඇතිවීමට හේතු පුද්ගලයා අනුව වෙනස් වෙනවා. ඒ නිසා වැදගත්ම දේ තමයි තමන්ගේ ගැටලුව හඳුනා ගන්න එක.


Saturday, April 21, 2012

ඔබේ උස හා බර සැසදෙනවාද......?

ශරීර ස්කන්ධ දර්ශකය(Body Mass Index) 


ශරීර ස්කන්ධ දර්ශකය යනු අපේ ශරීරයේ බර හා උස අතර අනුපාතය පෙන්වන දර්ශකයකි. මෙහි වැදගත්කම වනුයේ එය නිකන්ම නිකන් දර්ශකයකට වඩා අපේ සෞඛයය පිලිබද පැහැදිලි කරන නිදර්ශකයක් වීමයි. මෙය අපේ ආහාර රටාව, වයායාම වල යෙදිම, ඒ වගේම සමහර රෝග වලට ඇති අවදානම වගේ බොහෝ කරුණු පෙන්වනවා. මෙය පහල තියෙන සමීකරණයෙන් ගනනය කරන්න පුලුවන්.

                              ශරීර ස්කන්ධ දර්ශකය(BMI)  =   ඔබේ බර(කිලෝ ග්‍රැම් වලින්)
                                                                              ඔබේ උස2( වර්ග මීටර වලින්) 

නැත්නම් මගේ බ්ලොග් එකේ වම්පත්තේ තියන ගැජට් එකෙනුත් පුලුවන් ඒක ගනනය කරන්න.

                                   

ඊට පස්සේ ඔබේ BMI අගය පහල තියෙන අගයනුත් එක්ක සන්සන්දනය කරලා බලන්න.
                                                                              
                                                                          

             ශ.ස්.ද                                                                                       වර්ග කිරීම

       17.0 ට අඩු                                                                                     අඩු බර
       17.0 සිට 22.9 දක්වා                                                                      සාමනයය
       23.0 සිට 27.9 දක්වා                                                                      අධි බර
       28.0 සිට ඉහලට                                                                            ස්ථුල
                                         (දැනට ශ්‍රි ලංකව තුල යොදා ගන්නා අගයන් අනුව සකසා ඇත)

මෙම අගය රටින් රටට වෙනස් වන අගයක් වෙනවා. එයට හේතු වෙන්නේ අපේ සිරුරේ හැඩය හා ප්‍රමාණය ජාතිය අනුව වෙනස් වීමයි. ඒ අනුව ලෝක සෞඛයය සංවිධානය ලොවටම පොදු අගයක් ඉදිරි පත් කරලා තියනවා.

                ශ.ස්.ද                                                                                    වර්ග කිරීම

           18.0 ට අඩු                                                                                      අඩු බර
           18.0 සිට 24.9 දක්වා                                                                       සාමනයය
           25.0 සිට 29.9 දක්වා                                                                       අධි බර
           30.0 සිට ඉහලට                                                                             ස්ථුල
                                               (මෙය ලංකවේ ගනනය සඳහා සුදුසු නොවේ)


Wednesday, April 18, 2012

සුදු කබර (Vitiligo)

චර්ම රෝග 1

සුදු කබර (Vitiligo)

ඇත්තටම අපේ හමේ කුමක් හෝ රෝගයක් හටගත්තොත් ඒක අපිට වෙන කිසිම ලෙඩකට වඩා දැනෙනවා ඒ වගේ අවස්ථා වල බොහෝ දෙනෙක් කරන්නේ සමාජයෙන් දුරස් වී සිටීමට උත්සහ දැරීම. එවැනි කතා පවා අපේ බෞද්ධ සහිතතයේ තියනවා. නමුත් අප දන්න බොහෝ ලෙඩ නියමිත බෙහෙත් වලින් සුව වෙනවා.

සුදු කබර කියන්නේ කුමක්ද?

සුදු කබර කියන ලෙඩේ හැදුන විට වෙන්නේ සමේ සුදු පැහැති පල්ලම් වගේ තත්ත්වයක් ඇතිවීම. මේක බොහෝ විට ඇස් වට, තොල් අසන්නයේ, අත්වල, ලිංගික අවයව වල විශේෂයෙන් දකින්න ලැබෙනවා. මේ තත්ත්වය ලෝක ජනගහනයෙන් 1-2%ක් පමණ දකින්න ලැබෙනවා. ශ්‍රි ලංකවේ වර්තා වලට අනුව එය 1%ක් පමන වෙනවා. මෙය බොහෝ දුරට අවුරුදු 20ට පෙර ඇතිවෙන තත්ත්ත්වයක්.මෙම රෝග තත්ත්වය විශේෂයෙන් කලු හමක් සහිත පුද්ගයන්ගේ කැපි පෙනුනද සැම ජන කොටසකටම පොදු වේ.


මෙම රෝගය අතිවෙන්නේ ඇයි.....?

මේ දක්වා සොයාගෙන  ඇති කරුනු අනුව මෙයට හේතු වෙන්නේ අපේ හමේ පාට ලබා දීමට මුල්වන මෙලනීන් කියන වර්නකය නිශ්පාදනය කරන සෛල(melanocyte) විනාශ  වී යාමයි. එයට හේතු විදියට ප්‍රධන හේතු 2ක් සොයාගෙන තියනවා. ඒ අතර ප්‍රධන වශයෙන් අසාත්මිකතාවයක් (autoimmune) හඳුන්වන්න පුලුවන්. ඊට අමතරව ජානමය තත්ත්වයක් නිසාත් මෙය ඇති වෙන්න පුලුවන්.


Thursday, April 12, 2012

ගැස්ට්‍රිටිස් (Gastritis) වලට හේතු මොනවද..?

ආහාර මර්ගයේ රෝග - 01

 
ගැස්ට්‍රිටිස් (Gastritis)

යාලුවනේ මම මෙච්චර කල් මගේ බ්ලොග් එක ලියන්නේ මොනවා ගැනද කිය කිය හිත හිත හිටියේ ඊට පස්සෙ තමයි හිතුනේ ල0කාවේ අය කැමති ඇති ඒ ගොල්ලන්ට නිතර හැදෙන ලෙඩ ගැන කතා කලොත් හොදයි කියල.

 අද මම කතා කරන්න යන්නේ ගැස්ට්‍රිටිස්(Gastritis) ගැන. මම හිතන විදියට ල0කවේ මේ ලෙඩේ දවසකට හරි හැදුනේ නැති කෙනෙක් නැති තරම්.   එහෙම උනහම වැඩි දෙනෙක් කරන්නේ මොකක්හරි පෙත්තක් බීලා ඉන්න එක එහෙමත් නැත්නම් මොකක් හරි යොගට් එකක් වගේ දෙයක් කාලා ඉන්න එක. ඒත් ගැස්ට්‍රිටිස් වල ඇත්ත තත්වේ දන්නවනම් ඔය ගොල්ල එහෙම කරන එකක් නැහැ. මොකද බොහෝ කල් පවතින ගැස්ට්‍රිටිස් නිසා අමශයේ විශාල තුවාල ඇතිවීමේ වගේම එම තුවාල කාලයකට පසුව පිලිකා තත්ත්ව වෙන්න පුලුවන්.

ඇත්තටම ගැස්ට්‍රිටිස් කියන්නෙ මොකක්ද?

ඔයගොල්ල දන්නවා අපේ අමාශය කියන්නේ අපේ ආහාර මාර්ගයේ ප්‍රධන ගබඩාව එතනදි අපි ගන්න ආහාර වලට ගොඩක් දේවල් වෙනවා. එ අතර වැදගත්ම දේවල් දෙකක් තියනවා මේ ලෙඩෙට සම්බන්ධ. එකක් තමයි එතනදි වෙන අම්ල ස්‍රාවය. අනික තමයි එතනදි ස්‍රවය කරන ප්‍රොටියොලිටික එන්සයිම. මේවයෙන් වෙන්නේ අපේ ආහාර ජීර්ණය හරියකාරව පවත්වා ගන්න එක. ඒත් ඒ නිසාම විවිධ අයහපත් ප්‍රතිපල ලබෙන්න පුලුවන් ඒ වගේ එක ලෙඩක් තමයි ගැස්ට්‍රිටිස් කියන්නේ. එකෙන් වෙන්නේ අපේ අමාශ බිත්තිය අපි කියපු දෙවල් වලින් ජීර්නය වෙනවා. වඩා සරලව කීවොත් තුවාල වෙනවා. මෙන්න මේ තත්වය අපි ගැස්ට්‍රිටිස් කියල හඳුන්වනවා