Showing posts with label ච්ත්‍රපට හා වෙනත් අංග. Show all posts
Showing posts with label ච්ත්‍රපට හා වෙනත් අංග. Show all posts

Monday, February 18, 2013

මල දේහයක් වෛද්‍ය විද්‍යාලයකට ප්‍රදානය කරන්නේ කොහොමද...? (How to donate a body in Sri Lanka))


අපේ සමාජය දානය කියන සංකල්පය බොහෝ හොදින් පුරුදු කරන සමාජයක්. අපේ මිල මුදල් යන වාහන, විතරක් නොවේ ඇස්, රුධිරය, පටක කොටස් වල සිට සමහර අවස්ථා වල ජීවිතය පවා දන්දෙන්නට ඔවුන් පුරුදු වෙලා ඉන්නවා. උදහරනකක් විදියට අද  අපේ රටේ සමහර පින්වතුන් දුන් රුධිරය මෙතකෙයි කියල නිම කරන්න බැහැ. ඉතින් මේක නිසා බොහෝ රෝගීන්ට කිසිදු ප්‍රශ්නයක් නැතුව තම ජීවිතය පවත්වා ගන්න ලැබෙනවා. මේ අතර තැලසීමිය රෝගීන්, ශල්‍ය කාර්ම වලට භාජනය වන ය බොහොමයි. මීට අමතරව අද මම කතා කරන්න යන්නේ තවත් වැදගත් දානමය පින්කමක් සම්බන්ධවයි. ඒ ඔබේ ශරීරය දැන් දීමයි.

ශරීරය දැන් දීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද..?

ඇත්තටම ඔබට මෙවැනි ප්‍රශ්නයක් සිතේ ඇතිවීම සාධරණයි. ඇත්තටම මියගිය දේහයක් වල දැමීම හැර වෙනත් දෙයක් සඳහා යද ගත හැකිද යන්නයි. ඇත්තෙන්ම කීවොත් එවැනි දේහ වෛද්‍ය විද්‍යාල වල ඉගෙනුම සදහා බොහෝ වැදගත් වෙනවා. මොකද කීවොත් වෛද්‍ය ශිෂයන් තමන්ගේ මුල් වසර දෙක බොහොමයක් ගත  කරන්නේ ශරීරය පිලිබඳ හැදෑරීමෙන්. ඉතින් මෙම කාර්යයට ඒවා විච්චේදනය කිරීම (dissection) අවශ්‍ය වෙනවා.

Friday, November 2, 2012

වේද මදුර අලුත් විදියකට

කට්ටියම පොඩ්ඩක් ඇවිත් යන්න 


ඔන්න එහෙනම් මාස ගානකට පස්සේ වැඩේට බහින්නයි යන්නේ. ඔන්න  මම බ්ලොග් එක සම්පුර්ණයෙන්ම සිංහලට පෙරලනවා මගේ රටේ  පාටකයන් වෙනුවෙන්. පසුගිය කාලේ මම බ්ලොග් ගෙන නැවත වරක් පොඩි අද්ධයනයක් කරන්න හිතුවා. එතකොට දෙකක දෙ තමයි තවමත් ශ්‍රීලංකාව තුල සිංහලෙන් සෞක්‍ය ගැන කතාකරන සයිට් එකක් හොයා ගන්න නැති තරම් බව . ඉතින් මම හිතුවා මගේ ඉංගිසියෙන් ලියපු පොස්ට් සියල්ල අයින් කරලා සිංහලෙන්ම වැඩේ පටන් ගන්න. මේ වෙනකොට මගේ සයිට් එක පේජ් රන්කින් වල 3ට ඇවිත් තියනවා. ඉංග්‍රීසියෙන්ම කරගෙන ගියානම් හොද තැනක් ගන්න තිබුනා.

ඒ වුනාට වැඩේ හිතුව තරම් ලේසි නෙති පාටයි . මොකද කීවොත් තවම මට පරිගණකයක් වත් නැහැ. ඉතින් ලැබ එකේ තියන එකෙන් තමයි මේවා ටයිප් කරන්නේ. එතකොට ඉතින් මොකුත් සොෆ්ට්වෙය එහෙමත් පාවිච්චි කරන්න අමාරුයි. ගුගල් ට්‍රාන්ස්ලටෙර් එකෙන් කරගන්න වෙඩක් තමයි. අනික වෙලාවෙත් පොඩි පොඩි ප්‍රශ්න නැතුවම නෙමේනේ තව ටික දවසකින් අවසන් වසරටත් කිට්ටු වේගන එනවා.

ඉතින් අද මම ව්ශේෂ මර්තුකාවක් ගෙන කතා කරන්නේ නැ. පොඩි දැනුවත් කිරීමක් විතරයි කලේ. ඔයගොල්ල හැමෝම ඉස්සර වගේම මාත් එක්ක ඉදියි කියල හිතානවා.තව මොනවා හරි යෝජනා තියනවනම් කියන්න. විශේෂයෙන් අපි ඉදිරියට කතා කරන්න ඕන දේවල් ගැන එහෙම. එහෙනම් ගිහින් එන්නම්. මම ඔන්න අලුතෙන් තව ඉංග්‍රීසි බ්ලොග් එකකුත් හැදුවා. එකටත් මෙතනින් ගිහින් පොඩි සපෝට් එකක් දෙන්න. අයේ ඉක්මනින්ම හමුවෙමු.

Friday, May 25, 2012

පණුවෙක් කල හදියක්.....................


                   ඩොක්ටර් හවුස් 2 - pilot කතාව

                                                                                
 ඔන්න හවුස් (Dr. House) ගාවට ලෙඩෙක් එනවා. එයා මොන්ටිසෝරි ටීචර් කෙනෙක්. නම robeka. එන්නේ හදිසියේ කතා කරගන්න බැරි වෙලා ඒත් එක්කම ඇති වෙච්ච වලිප්පුව වගේ තත්වයක් එක්ක. ඉතින් මේ ලෙඩාට බෙහෙත් දෙද්දි ඉස්සර වෙලාම සැක කරන තත්ත්වේ තමයි මොලයේ ඇතිවන ගෙඩියක් වගේ දෙයක්. ඉතින් ඒකට ගැලපෙන සාක්ෂියකුත් හම්බවෙනවා ඒක තමයි ගෙඩියකට සාමාන තත්වයක් CT එකේ හම්බ වෙන එක. ඉතින් ඔලුවේ හැදෙන ගෙඩියක් කියපුවාම පිලිකාවක් වෙන්නත් පුලුවන්නේ. මොන විදියේ එකක් වුනත් ඒක බරපතල තත්වයක්. මොකද කීවොත් ඒක නිසා ස්නායු වගේ දේවල් තදවෙලා විවිධ බරපතල තත්ත්ව එන්න පුලුවන්. ඉතින් දොස්තර Wilson තමයි ඉස්සරලාම බෙහෙත් කරන්නේ එයා විකිරණ ( radiotherapy) ප්‍රතිකාරත් කරලා බලනවා. එහෙම හරියන්නේ නැති තැන තමයි හවුස් ලගට එන්නේ.

         ඉස්සර වෙලාම  හැමදාම වගේ කට්ටිය පැටලෙන්නේ පඹගාලක තමයි. ඉතින් ඉස්සර වෙල්ලාම එන විසඳුම තමයි වැස්කූලයිටිස් (vasculitis) කියන තත්වය. ඉතින් බෙහෙත් කරගෙන යද්දි හොද වෙනවා. එත් අයෙමත් තත්වය එක වරම බරපතල වෙන නිසා අයෙත් ඉතින් පරණ තැනට වැටෙන එක තමයි වෙන්නේ. එත් දැන් තියන එකම වැදගත් දේ තමයි ලෙඩාට vasculitis නැ කියන තත්වය දන්න එක. ඒත් තව දුරටත් පිලිකාවක බය තියනවා.


Friday, April 13, 2012

ඩොක්ටර් හවුස් Dr. House-01


ඩොක්ටර් හවුස්  Dr. House-01

Dr. House ගැන එහෙම අහලා තියනවද ඔය ගොල්ල? මමනම් හිතන්නේ වැඩි දෙනෙක් අහලා තියනවා. ඇත්තටම DH කියන්නෙ ඇමෙරිකාවේ විකාශය වුන කතා මාලාවක්. ඒක විකාශය කරන්නේ Fox network කියන ආයතනයෙන්. ඇත්තටම මට හිතෙන විදියට ඔයාලා ඒක බලලා නැත්නම් බලන්න සුදුසු වැඩසටහනක් කියලා හිතන නිසයි අද මම මේ වැඩසටහන ගැන කතා කරන්නේ. එකේ වැදගත් කොටස් තියනවනම් අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. එකින් එක මොකද අද වෙනකොට මේ වැඩසටහනේ series 8ක් විකාශය වෙලා තියනවා. එක series එකක් ගත්තොත් ඒකෙ කොටස්  20ක් - 25ක් පමණ තියනවා. මේ සේරම ගැන කත කලොත් මට වෙන වැදගත් ලිපි වලට තියෙන වෙලව නැති වෙනවා. ඒත් කියන්න ඕනැ වදගත්ම දේ මේක වින්දනිය වගේම අධයයාපනික වටිනාකමක් තියනවා මෙඩිසින්(medicine)  ඉගෙන ගන්න මට පවා. අනිත් එක මේ කතා මාලාවත් මට බ්ලොග් එක පටන්ගන්න හිතෙන්න හේතුවක්.

අද අපි මේ වැඩසටහනේ චරිත ටික හා ඒගොල්ල ගැන ටිකක් දැන ගනිමු.



කවුද අපි Dr. House කියලා හඳුන්වන්නේ.............?

සම්පුර්ණ නම කියනවනම්  Dr. Gregory House. එයා තමයි අපේ කතා නායකයා වෙන්නේ. මෙයා විශේෂඥ කාය වෛදයයවරයෙක් (VP) ඒ කියන්නේ එයාට සමානයයෙන් පුලුවන් අපේ ශරීරයේ ඕනැම ලෙඩක් එක්ක ගනුදෙනු කරන්න. ඒත් මේ  වෛදයයවරයා සමානයය වෛදයයවරයෙක් විදියට නෙමේ හිතන්නේ ඒක තමයි එයගේ තියෙන විශේෂත්වය. ඔයලා ෂර්ලොක් හෝම්ස් sherlock Holmes කියවලා තියනවනම් අන්න ඒ චරිතෙට ගොඩක් සමානයි. කොටින්ම කියනවනම් සමහර ලෙඩ හොයා ගන්න ගෙවල් වලට හොරෙන් කඩා පනිනවා. ඒ වගේම එයා කාටවත් ඔලුව නමන ජාතියේ කෙනෙක් නෙමේ. කොටින්ම කියනවනම් සමහර වෛදයයවරුන්ට අදල නීති පවා කඩනවා. එයාගේ තියන හොදම දේ හැටියට මම දකින්නෙ හැමදේම කරන්න්නේ හරිදේ වෙනුවෙන්.මෙම වෛදයයවරයා වැඩ කරන්නේ හොස්පිටල් එකේ (Diagnostic department) කියන අංශයේ. එතනට එන ලෙඩ්ඩු ගැන කතා කලොත් ඒ ගොල්ල ගොඩක් අයගේ ලෙඩේ හරියට අඳුන ගන්න ගොඩක් අමරුයි