Monday, February 18, 2013

මල දේහයක් වෛද්‍ය විද්‍යාලයකට ප්‍රදානය කරන්නේ කොහොමද...? (How to donate a body in Sri Lanka))


අපේ සමාජය දානය කියන සංකල්පය බොහෝ හොදින් පුරුදු කරන සමාජයක්. අපේ මිල මුදල් යන වාහන, විතරක් නොවේ ඇස්, රුධිරය, පටක කොටස් වල සිට සමහර අවස්ථා වල ජීවිතය පවා දන්දෙන්නට ඔවුන් පුරුදු වෙලා ඉන්නවා. උදහරනකක් විදියට අද  අපේ රටේ සමහර පින්වතුන් දුන් රුධිරය මෙතකෙයි කියල නිම කරන්න බැහැ. ඉතින් මේක නිසා බොහෝ රෝගීන්ට කිසිදු ප්‍රශ්නයක් නැතුව තම ජීවිතය පවත්වා ගන්න ලැබෙනවා. මේ අතර තැලසීමිය රෝගීන්, ශල්‍ය කාර්ම වලට භාජනය වන ය බොහොමයි. මීට අමතරව අද මම කතා කරන්න යන්නේ තවත් වැදගත් දානමය පින්කමක් සම්බන්ධවයි. ඒ ඔබේ ශරීරය දැන් දීමයි.

ශරීරය දැන් දීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද..?

ඇත්තටම ඔබට මෙවැනි ප්‍රශ්නයක් සිතේ ඇතිවීම සාධරණයි. ඇත්තටම මියගිය දේහයක් වල දැමීම හැර වෙනත් දෙයක් සඳහා යද ගත හැකිද යන්නයි. ඇත්තෙන්ම කීවොත් එවැනි දේහ වෛද්‍ය විද්‍යාල වල ඉගෙනුම සදහා බොහෝ වැදගත් වෙනවා. මොකද කීවොත් වෛද්‍ය ශිෂයන් තමන්ගේ මුල් වසර දෙක බොහොමයක් ගත  කරන්නේ ශරීරය පිලිබඳ හැදෑරීමෙන්. ඉතින් මෙම කාර්යයට ඒවා විච්චේදනය කිරීම (dissection) අවශ්‍ය වෙනවා.



 ඉතින් බොහෝවිට මෙවැනි දේහ බොහෝ ප්‍රමාණයක් වසරකට ලැබෙන අතර ඔවුන් ඒවා ප්‍රයෝජනයට ගනී. මේවා බොහෝ විට ලබාදෙනුයේ ස්වාමීන් වහන්සේලා විසිනි, එසේත් නොමැතිනම් වෛද්‍ය ශිෂ්‍යන්ගේ හිත මිතුරන් ව්සිනි. නමුත් අද වන විට ලැබෙන මල සිරුරු ප්‍රමාණය අඩු නිසා සමහර පීඨ මෙම ක්‍රියාවලිය නැවත දම තියනවා. බොහෝ විට බටහිර රටවලනම් මෙය සිදුවන්නේ නැති තරම්  වේ.


ශරීරය දන් දීමට තිබිය යුතු අවශ්‍යතා මොනවද...?

ඇත්තටම කීවොත් සිරුරු ලබාගැනීමේ   වන්නේ සිසුන්ට සාමාන්‍ය සිරුරේ   ස්වභාවය වැටහ දීමයි.  එම නිසා පහත කරුණු සහිත සිරුරු මේ සඳහා සුදුසු නොවේ.
1.  උපතින්ම පවතින විකුර්ති තත්ත්ව (අංග විකල තත්ත්ව) 
2.  රිය අනතුරු වලට ලක්ව කැඩී බිදී ගිය දේහ 
3.  බරපතල ශල්‍ය කාර්ම වලට භාජනය කල දේහ 
4.  ඇස හැරුණු විට වෙනත් අවයව දන්  දුන් දේහ 
5.  වයස 18ට අඩු දේහ 
6.  එම්බාම් කිරීමකින් තොරව පැය 18කට වඩා තබාගත් දේහ 
7.  පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකල දේහ 
8.  විවිධ අසාධන රෝග වලට ලක්වූ දේහ( ක්ෂය රෝගය, සෙන්ගමලය, ඒඩ්ස්)
මීට අමතරව දේහ භාර දීමේදී උප්පැන්න සහතිකය, මරණ සහතිකය සමග දේහය භාරදෙන පුද්ගලයාගේ හැදුනුම්පත හා එහි පිටපතක් ඉදිරිපත් කල යුතු වේ. තවද ඔබ දේහය පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන්නේනම් භාරකරුවෙකු සමග සකච්චකර අවසර ලබාගෙන තිබීම වැදගත් කරුණක් වෙයි. දේහයක් පරිත්‍යාග කිරීමට මුලික ලියාපදිංචිය  නොවේ. නමුත් දේහය බාරදීමට ප්‍රථම ඒ සම්බන්ධව අවබෝධයක් ලබා තිබීම වැදගත්වේ.
දැනට මෙම කාර්යය බොහෝ වෛද්‍යය පිටවල සිදිවේ. ඔබට වැඩිදුර විස්තර සඳහා ලගම පීඨය සම්බන්ද කරගන්න. ලියාපදිංචි කිරීමේ පැතික එය මගින් ලබාගත හැකිය.
(මෙම ලිපිය මාහට නිතර මාගේ හිතවතුන් විසින් යොමුකරන ගැටලුවක් මත සකස් වුවකි. මෙමගින් දේහ එකතු කිරීම සම්බන්දව කිසිදු සම්බන්දයක් හෝ වගකීමක් නැත. තවද පීඨය අනුව මුලික අවශ්‍යතා වෙනස්විය හැකිය.)

No comments:

Post a Comment