Friday, April 13, 2012

ඩොක්ටර් හවුස් Dr. House-01


ඩොක්ටර් හවුස්  Dr. House-01

Dr. House ගැන එහෙම අහලා තියනවද ඔය ගොල්ල? මමනම් හිතන්නේ වැඩි දෙනෙක් අහලා තියනවා. ඇත්තටම DH කියන්නෙ ඇමෙරිකාවේ විකාශය වුන කතා මාලාවක්. ඒක විකාශය කරන්නේ Fox network කියන ආයතනයෙන්. ඇත්තටම මට හිතෙන විදියට ඔයාලා ඒක බලලා නැත්නම් බලන්න සුදුසු වැඩසටහනක් කියලා හිතන නිසයි අද මම මේ වැඩසටහන ගැන කතා කරන්නේ. එකේ වැදගත් කොටස් තියනවනම් අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. එකින් එක මොකද අද වෙනකොට මේ වැඩසටහනේ series 8ක් විකාශය වෙලා තියනවා. එක series එකක් ගත්තොත් ඒකෙ කොටස්  20ක් - 25ක් පමණ තියනවා. මේ සේරම ගැන කත කලොත් මට වෙන වැදගත් ලිපි වලට තියෙන වෙලව නැති වෙනවා. ඒත් කියන්න ඕනැ වදගත්ම දේ මේක වින්දනිය වගේම අධයයාපනික වටිනාකමක් තියනවා මෙඩිසින්(medicine)  ඉගෙන ගන්න මට පවා. අනිත් එක මේ කතා මාලාවත් මට බ්ලොග් එක පටන්ගන්න හිතෙන්න හේතුවක්.

අද අපි මේ වැඩසටහනේ චරිත ටික හා ඒගොල්ල ගැන ටිකක් දැන ගනිමු.



කවුද අපි Dr. House කියලා හඳුන්වන්නේ.............?

සම්පුර්ණ නම කියනවනම්  Dr. Gregory House. එයා තමයි අපේ කතා නායකයා වෙන්නේ. මෙයා විශේෂඥ කාය වෛදයයවරයෙක් (VP) ඒ කියන්නේ එයාට සමානයයෙන් පුලුවන් අපේ ශරීරයේ ඕනැම ලෙඩක් එක්ක ගනුදෙනු කරන්න. ඒත් මේ  වෛදයයවරයා සමානයය වෛදයයවරයෙක් විදියට නෙමේ හිතන්නේ ඒක තමයි එයගේ තියෙන විශේෂත්වය. ඔයලා ෂර්ලොක් හෝම්ස් sherlock Holmes කියවලා තියනවනම් අන්න ඒ චරිතෙට ගොඩක් සමානයි. කොටින්ම කියනවනම් සමහර ලෙඩ හොයා ගන්න ගෙවල් වලට හොරෙන් කඩා පනිනවා. ඒ වගේම එයා කාටවත් ඔලුව නමන ජාතියේ කෙනෙක් නෙමේ. කොටින්ම කියනවනම් සමහර වෛදයයවරුන්ට අදල නීති පවා කඩනවා. එයාගේ තියන හොදම දේ හැටියට මම දකින්නෙ හැමදේම කරන්න්නේ හරිදේ වෙනුවෙන්.මෙම වෛදයයවරයා වැඩ කරන්නේ හොස්පිටල් එකේ (Diagnostic department) කියන අංශයේ. එතනට එන ලෙඩ්ඩු ගැන කතා කලොත් ඒ ගොල්ල ගොඩක් අයගේ ලෙඩේ හරියට අඳුන ගන්න ගොඩක් අමරුයි




මෙයාගේ කණ්ඩායම ගැන කීවොත් එතන තව වෛදයයවරු තුන්දෙනෙක් ඉන්නව එයා යටතේ ඒ අය තමයි ෆෝමන්(Dr. Eric Foreman). මෙයා Neurologist කෙනෙක්. ඊලගට කැමරන්(Dr. Allison Cameron). මෙයා Immunologist කෙනෙක්. අන්තිමට චේස්(Dr. Robert Chase). මෙයා ගැනනම් එච්චරම දන්නෙ නැහැ. කොහොමහරි මේ තුන්දෙනා තමයි හවුස්ගේ ගෝලයෝ. මේ අය ගැන ඉස්සරහට කතා කරමු.

තව දෙන්නෙක් ඉන්නව එක්කෙනෙක් හවුස්ට ඉන්න එකම යලුව විල්සන්(Dr.James Willson). මෙය පිලිකා සම්බන්ධ වෛදයයවරයෙක් (oncologist). එයා තමයි oncology දෙපර්තමෙන්තුවෙ ප්‍රධානියා. අනිත් කෙනා තමයි කඩි(Lisa cuddy). එයා තමයි මේ හොස්පිටල් එකේ පීඨාධිපති(Dean).

 හරි එහෙනම් මෙච්චරකල් මී වැඩසටහන බලලා නැති අය බලන්න. මේකට ටිකක් හොඳ ඉංග්‍රීසි දැනුමක් නම් ඕනැ. ඒත් එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. පලවෙනි එකෙන් පටන් ගන්න එක තමයි හොද.

පහලින් විඩියෝ එක බා ගන්න.
Fox Network

4 comments:

  1. තියන කොම්මෙන්ට් දාලා යන්න..........

    ReplyDelete
  2. හුඟක් අය මේ කතා මාලාව ගැන කතා කරනවා. කිව්වත් වගේ බලන්න ඕනේ. Word verification අයින් කරනවා නම් කට්ටියට comment කරන්න හුඟක් පහසු වෙයි

    ReplyDelete
    Replies
    1. අත්තටම ගොඩක් ලස්සන කතාවක් තව ඉදිරියට අපට මේ ගැන කතා කරන්න පුලුවන් වේවි. මම ඒක ගැන ගොඩක් දන්නේ නැහැ හොයලා බලලා අයින් කරන්නම් තැන්ක් යු යාලුවා....

      Delete
  3. interesting !!!!!!!!!!

    ReplyDelete