Wednesday, April 18, 2012

සුදු කබර (Vitiligo)

චර්ම රෝග 1

සුදු කබර (Vitiligo)

ඇත්තටම අපේ හමේ කුමක් හෝ රෝගයක් හටගත්තොත් ඒක අපිට වෙන කිසිම ලෙඩකට වඩා දැනෙනවා ඒ වගේ අවස්ථා වල බොහෝ දෙනෙක් කරන්නේ සමාජයෙන් දුරස් වී සිටීමට උත්සහ දැරීම. එවැනි කතා පවා අපේ බෞද්ධ සහිතතයේ තියනවා. නමුත් අප දන්න බොහෝ ලෙඩ නියමිත බෙහෙත් වලින් සුව වෙනවා.

සුදු කබර කියන්නේ කුමක්ද?

සුදු කබර කියන ලෙඩේ හැදුන විට වෙන්නේ සමේ සුදු පැහැති පල්ලම් වගේ තත්ත්වයක් ඇතිවීම. මේක බොහෝ විට ඇස් වට, තොල් අසන්නයේ, අත්වල, ලිංගික අවයව වල විශේෂයෙන් දකින්න ලැබෙනවා. මේ තත්ත්වය ලෝක ජනගහනයෙන් 1-2%ක් පමණ දකින්න ලැබෙනවා. ශ්‍රි ලංකවේ වර්තා වලට අනුව එය 1%ක් පමන වෙනවා. මෙය බොහෝ දුරට අවුරුදු 20ට පෙර ඇතිවෙන තත්ත්ත්වයක්.මෙම රෝග තත්ත්වය විශේෂයෙන් කලු හමක් සහිත පුද්ගයන්ගේ කැපි පෙනුනද සැම ජන කොටසකටම පොදු වේ.


මෙම රෝගය අතිවෙන්නේ ඇයි.....?

මේ දක්වා සොයාගෙන  ඇති කරුනු අනුව මෙයට හේතු වෙන්නේ අපේ හමේ පාට ලබා දීමට මුල්වන මෙලනීන් කියන වර්නකය නිශ්පාදනය කරන සෛල(melanocyte) විනාශ  වී යාමයි. එයට හේතු විදියට ප්‍රධන හේතු 2ක් සොයාගෙන තියනවා. ඒ අතර ප්‍රධන වශයෙන් අසාත්මිකතාවයක් (autoimmune) හඳුන්වන්න පුලුවන්. ඊට අමතරව ජානමය තත්ත්වයක් නිසාත් මෙය ඇති වෙන්න පුලුවන්.




ඇත්තටම මෙම රෝගය සම්පූර්ණයෙන් සුව කරන්න පුලුවන්ද...?

මේවගේ ප්‍රශ්න අපිට නිතර අහන්න ලැබෙනවා. ඇත්තෙන්ම කීවොත් මෙම රෝගය සම්පුර්ණයෙන් සුව වුවත් නැවත ඇතිවීමේ අවදානමක් තියනවා. ඒකයි මේ රෝගයේ විශේෂත්වය. එහෙත් මෙය කිසිම විදියක හානියක් අභයයන්තර අවයව  වලට සිදු කරන්නේ නැහැ. සමහර විට බොහෝ දුරට එය එක ප්‍රදේශයකට පමනක් සීමා වෙන්නත් පුලුවන්. ඒ වගේම සමහර පුද්ගලයන් හමේ ඇතිවන වර්නයේ අඩුබව හැම විටම මෙම රෝගයට ආදේශ කරනවා. නමුත් හම මේවගේ සුදු පැහැ වන තවත් රෝග කිහිපයක් තිබෙනවා. ඒ නිසා සුදුසු වෛද්යයවරයෙක් ලවා පරික්ෂා කරවා ගැනීම වැදගත් වෙනවා. එමගින් නිසි ප්‍රතිකර වලට යොමු වීමට අවස්ථාව ලබෙනවා. මෙම රෝගය සමහර පුද්ගලයන්ගේ ඉබේම සුව වුවත් බොහෝ දෙනෙකුට ප්‍රතිකාර අවශය.වෙනවා. රට පුරා සැම ප්‍රදේශයකම චර්ම රෝග සායන පැවත්වෙන අතර ඔබට එයින් නොමිලේ ප්‍රතිකර ලබා ගත හැකියි. වැදගත්ම දේ වෙන්නෙ මෙයට සමහර විට බොහෝ කාලයක් ගතවන නිසා අඛන්ඩ ප්‍රතිකර ලබා ගැනීමයි.

3 comments:

  1. ඔයාලාගේ කමෙන්ට් දලා යන්න

    ReplyDelete
  2. සුදු කබර නිසා සුද්දෝ වුණු කල්ලෝ දැකලා තිබුණට මෙච්චර විස්තරයක් දැනගෙන උන්නේ නැහැනේ

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක ගොඩක් දුර්ලබ තත්වයක්...... එහෙම වෙන්නත් පුලුවනි

      Delete