Saturday, April 21, 2012

ඔබේ උස හා බර සැසදෙනවාද......?

ශරීර ස්කන්ධ දර්ශකය(Body Mass Index) 


ශරීර ස්කන්ධ දර්ශකය යනු අපේ ශරීරයේ බර හා උස අතර අනුපාතය පෙන්වන දර්ශකයකි. මෙහි වැදගත්කම වනුයේ එය නිකන්ම නිකන් දර්ශකයකට වඩා අපේ සෞඛයය පිලිබද පැහැදිලි කරන නිදර්ශකයක් වීමයි. මෙය අපේ ආහාර රටාව, වයායාම වල යෙදිම, ඒ වගේම සමහර රෝග වලට ඇති අවදානම වගේ බොහෝ කරුණු පෙන්වනවා. මෙය පහල තියෙන සමීකරණයෙන් ගනනය කරන්න පුලුවන්.

                              ශරීර ස්කන්ධ දර්ශකය(BMI)  =   ඔබේ බර(කිලෝ ග්‍රැම් වලින්)
                                                                              ඔබේ උස2( වර්ග මීටර වලින්) 

නැත්නම් මගේ බ්ලොග් එකේ වම්පත්තේ තියන ගැජට් එකෙනුත් පුලුවන් ඒක ගනනය කරන්න.

                                   

ඊට පස්සේ ඔබේ BMI අගය පහල තියෙන අගයනුත් එක්ක සන්සන්දනය කරලා බලන්න.
                                                                              
                                                                          

             ශ.ස්.ද                                                                                       වර්ග කිරීම

       17.0 ට අඩු                                                                                     අඩු බර
       17.0 සිට 22.9 දක්වා                                                                      සාමනයය
       23.0 සිට 27.9 දක්වා                                                                      අධි බර
       28.0 සිට ඉහලට                                                                            ස්ථුල
                                         (දැනට ශ්‍රි ලංකව තුල යොදා ගන්නා අගයන් අනුව සකසා ඇත)

මෙම අගය රටින් රටට වෙනස් වන අගයක් වෙනවා. එයට හේතු වෙන්නේ අපේ සිරුරේ හැඩය හා ප්‍රමාණය ජාතිය අනුව වෙනස් වීමයි. ඒ අනුව ලෝක සෞඛයය සංවිධානය ලොවටම පොදු අගයක් ඉදිරි පත් කරලා තියනවා.

                ශ.ස්.ද                                                                                    වර්ග කිරීම

           18.0 ට අඩු                                                                                      අඩු බර
           18.0 සිට 24.9 දක්වා                                                                       සාමනයය
           25.0 සිට 29.9 දක්වා                                                                       අධි බර
           30.0 සිට ඉහලට                                                                             ස්ථුල
                                               (මෙය ලංකවේ ගනනය සඳහා සුදුසු නොවේ)




ස්කන්ධ දර්ශකය හා සම්බන්ධ සෞඛයය ගැටලු මොනවාද.....?

මෙහි එක් එක් වර්ගයට අදල සෞඛයය ගැටලු විවිධයි. ඒ කියන්නේ ඔබ අඩු බර නම් ඔබට ඇතිවන ගැටලු ස්ථූල පුද්ගලයෙකුට වඩා හාත්පසින්ම වෙනස් දැන් අපි ඒ පිලිබඳ සලකා බලමු.

අඩු බර වීම නිසා ඇතිවන සෞඛයය ගැටලු මොනවාද....?
1.ප්‍රතිශක්තීකරන දුබලතා (immunological problems)
2.පෝෂණ ඌනතා (malnutrition)
3.මද සරු බව (infertility)
4.ගර්භනී කාලය තුල ඇතිවන අපහසුතා (obstretic complications)

#ඔබ මේ වර්ගයට අදාල වේ නම් ඔබට ඔබේ ආහාර ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න වෙනවා. විශේෂයෙන්ම කැලරි අධික ආහාර ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම ආහාර පාලනය කිරීම, අධික වයායාම අඩු කල යුතු වෙනවා.එවිට ඔබට නියමිත තත්ත්වයට ලගා විය හැකි වෙනවා.

ඔබ සාමානයය බර පුද්ගලයෙක් නම්......?

#ඔබ මේ කොටසට අදාල වීම යනු ඔබ සම්පූර්ණයෙන් නීරෝගී කියන එක නෙවේ. එහෙත් ඔබ බොහෝ දුරට නීරෝගි වෙනවා. ඔබට මෙම තත්වය පවත්වා ගැනීම වැදගත් වෙනවා.

ඔබ අධි බර හෝ ස්ථුල නම් ඔබේ සෞඛයය ගැටලු මොනවාද.......?  

1.කිරීටක ධමනියේ ඇතිවන ගැටලු (coronary artery disease)
2.දියවැඩියාව (diabites melitus)
3.අධික රුධිර පීඩනය (hypertension)
4.කොලෙස්ටරොල් තත්තව (dyslipidaemia)
5.පිත්තාශයේ ගැටලු (gall bladder problems)
6.සන්ධි ආබධ (artritis)
7.ගර්භනී හා නාරිවේද සම්බන්ධ ගැටලු (obstretic & gynaecological problems)
#ඔබ මෙම වර්ගයට අදාල නම් ඔබට ඔබේ ආහාර පාලනය, අඩු කැලරි සහිත ආහාර ගැනීම, ක්‍රමනුකූල වයායාම වගේ දේවල් වලින් සාමානයය තත්ත්වයට එන්න පුලුවන්

ඉතින් මම හිතනවා මෙතනින් පස්සේවත් කවුරුවත් හීනි වෙන්නවත් මහත් වෙන්නවත් උත්සහා කරන එකක් නෑ කියලා.

ඔබට පහල තියන ලින්ක් එකෙන් ලෝක සෞඛයය සංවිධනයේ පි‍ටුවට යන්න පුලුවන්.
http://apps.who.int/bmi/index.jsp?introPage=intro_3.html
http://protectyourhealthtips.blogspot.com/2013/04/bmi-body-mass-index-classification-for.html

2 comments:

  1. ඔබේ ප්‍රශ්න හා කොමෙන්ට් මෙතනට දාන්න.............

    ReplyDelete
  2. පට්ට post එකක්,නියමයි..

    ReplyDelete