Sunday, January 27, 2013

ලාදුරු(leprasy) කියන්නේ මොනවගේ ලෙඩක්ද...?


චර්ම රෝග(skin disease) - 02

ලාදුරු(leprasy)


ඔන්න ඉතින් කාලෙකට පස්සේ අයෙත් පෝස්ට් එකක් දාන්න හිතුනා. පහුගිය දවස්වල සමේ රෝග ගෙන ටිකක් වැඩිපුර ඉගෙන ගන්න ලැබුන සමේ රෝග සායනයකට ඉතින් මට පහුගිය දින ටිකේ ලාදුරු කියන රෝගය තියන පිරිසක් හම්බුනා අද අපි කතා කරන්න යන්නේ මේ රෝගය ගැනයි. ඇත්තටම කීවොත් මේකට කියන්නේ දුප්පත් කමේ සහ අදුරේ රෝගය කියලා(disease of darkness and poverty).ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි එහෙම කියන්නේ කියලා. මොකද ඒ  කලේ ගොඩක් දුවිලි තියන අදුරු පරිසර වල තමයි මේක පැතිරිලා තියෙන්නේ. මේක සමේ රෝගයක් විදියට පෙනුනට බෝ වෙන්නේනම් සමෙන් නෙවේ.

රෝගය බහුල කා අතරද..?

මෙම රෝගය බහුලවම තියෙන්නේ ගොඩක් අදුරු පරිසර වල ඉන්න පිරිස් අතර හරියටම කීවොත් ක්‍ෂය රෝගය(Tuberculosis) වගේ. ගැහැණු පිරිමි වෙනසක් නෙතුව ඕනෑම කෙනෙකුට හැදෙන්න පුළුවන්. මේ වෙන විට ලෝකයේ ගොඩක් රටවල තුරන් වෙලා තිබුනත් අතීතයේ බරපතලම තිබුන රෝගයක් තමයි මේක. දැනට ලංකාව ගැන කතා කලොත් බොහෝ දුරට පානය වෙලා තියන රෝගයක් කිවුවොත් නිවැරදියි. දැනට රෝගය සම්පුර්ණයෙන්ම සුව කරන්න පුළුවන් ඖෂධ තිබෙන එක තමයි මෙයට ප්‍රධාන හේතුව.



ලාදුරු පැතිරෙන්නේ කොහොමද...?

මුලුන් කීවා වගේ මේක සමෙන් පැතිරෙන්නේ නැහැ.  පැතිරෙන්නේ  රෝගියෙකුගේ  ස්වසන  මාර්ගය ආශ්‍රිත දේ වලින්. බොහොමයක්ම කැස්ස, කිවිසුම් වගේ තමයි බලපාන්නේ මෙම රෝගයේ ව්‍යාප්තියට. එහෙම උනත් මේක ලේසීයෙන් එක අයෙකුගෙන් තව කෙනෙකුට බෝ වෙන්නේ නැහැ එකට දීර්ග කාලින ආශ්‍රය වැදගත් වෙනවා. ඒ කියන්නේ     පවුලේ එක අයෙකුගෙන් තව කෙනෙකුට වගේ.  එසේ වුනත් මසක් ප්‍රතිකාර ගත්විට තව කෙනෙකුට බෝ වීම නවතිනවා. ඉතින් එක නිසා රෝගියෙක් දැක්කම එයාව කොන් කරන්න එපා. ඔහු හෝ ඇය ඔබ ලග සිටිය පමණින් ඔබට එය වැළදෙන්නේ නැහැ.

රෝග ලක්ෂණ 

ලාදුරු කියන්නේ අපේ ස්වසන මාර්ගෙන් අරම්ඹ වෙලා අපේ සැමට ප්‍රශ්න ඇති කරන රෝගයක්. මෙහිදී ඔබේ සමේ ලා පැහැති හෝ රත් පති ලප වැනි කැළැල් එන්න පුළුවන්. ඒවා සාමාන්යෙන් කැසීමක් පෙන්වන්නේ නැහැ අනෙක් ලප වගේ. අනිත් විශේෂම දේ තමයි ඒ ආශ්‍රිතව උණුසුම හෝ සිතල වගේ දේවල් දැනීම නෙතිවෙලා යනඑක. තවත් කාලයක් යනවිට විශේෂයෙන් ඔබේ පද වල හිරි ගතියක් ඇති වීමට පුළුවන්. සමහර රෝගීන්ගේ තුවාල ඇති වීමකුත් පෙන්නුම් කරනවා. කල් ගත වෙන විට වෙනත් පද්ධති අශිතවත් විවිධ සංකුලතා ඇති වීමක් පෙන්නුම් කරනවා..

ප්‍රතිකාර 
ඇත්තෙන්ම කිවොත් මෙය කිසිම විදියකින් බිය විය යුතු තත්වයක් නෙවේ. මොකද කීවොත් සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන් තරම් හොද ඖෂධ වර්ග ඔබට නොමිලේම ලබා ගන්න හැකි වීමයි.
ඔබට රෝග තත්වය අනුව මස 6ක හෝ මස 12ක ප්‍රතිකාර ලබාගැනීමට සිදු වේවි.    

No comments:

Post a Comment