ඔබටත් සිහින් බවින් මිදෙන්න ඕනැද......? (1)

අපි මීට පෙර අවස්ථාවේ කතා කලා
ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ගැන. ඒත් මට දකින්න ලැබුන විදියට බොහෝ දෙනෙක් තමන්ගේ ශරීර ප්‍රමාණය පිලිබඳ සැහීමකට පත්වෙන්නේ නැ. සමහර විට ඒක අපේ සංස්කෘතියෙන් අපට ලැබුන දෙයක් වෙන්න පුලුවන්. කොහොම වුනත් වැඩි දෙනෙක් එහෙම වෙන්නේ අනවශයය විදියට බවනම් පැහැදිලියි. කොහොම වුනත් අනවශයය විදියට බර අඩුනම් ඒ ගැන සැලකිලිමත් වීම හොද දෙයක්.
බර අඩුවෙන බලපාන සාධක මොනවාද..............?
ඔබත් අඩු බර එහෙමත් නැත්නම් සිහින් සිරුරක් තියන කෙනෙක්නම් ඔබට ඒ සදහා බලපාන හේතුවට සම්පුර්ණ වෙනස් හේතුවක් වෙනත් කෙනෙකුට බලපාන්න පුලුවන්.
1.ජානමය ගැටලු (poor genetic potential)
2.ළමා වියේ සිදුවන වර්ධනයේ දුර්වලතා (poor growth during childhood)
3.ආසදන රෝග (inflectious diseases)
4.පෝෂණ උනතා (malnutrition)
5.අධික ශරිර වයයාම (excess of excsercise)
6.මානසික ආතතිය (mental strees)
7.හෝමෝනමය ගැටලු (hormonal problems)
අපට මෙම ප්‍රශ්නයේදී කලහැකි දේවල් මොනවාද............?
බොහෝ දෙනෙක් තමන්ගේ වර්ධනය අඩුවු ගමන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ වර්ධනය අඩු වීමට හේතුව වර්ධන හෝමෝනයේ(Gowth hormone) අඩුවක් කියලා. ඒ වුනත් ප්‍රශ්නය ඊට වඩා බොහෝවිට සරලයි. මේවගේ ගැටලු අඳුනා ගැනීම හා ඊට පසුව කලයුතු දේවල් ගැන අපි ඊලග ලිපි කිහිපයෙන් කතා කරමු.අඩු බර ඇතිවීමට හේතු පුද්ගලයා අනුව වෙනස් වෙනවා. ඒ නිසා වැදගත්ම දේ තමයි තමන්ගේ ගැටලුව හඳුනා ගන්න එක.