Monday, February 18, 2013

මල දේහයක් වෛද්‍ය විද්‍යාලයකට ප්‍රදානය කරන්නේ කොහොමද...? (How to donate a body in Sri Lanka))


අපේ සමාජය දානය කියන සංකල්පය බොහෝ හොදින් පුරුදු කරන සමාජයක්. අපේ මිල මුදල් යන වාහන, විතරක් නොවේ ඇස්, රුධිරය, පටක කොටස් වල සිට සමහර අවස්ථා වල ජීවිතය පවා දන්දෙන්නට ඔවුන් පුරුදු වෙලා ඉන්නවා. උදහරනකක් විදියට අද  අපේ රටේ සමහර පින්වතුන් දුන් රුධිරය මෙතකෙයි කියල නිම කරන්න බැහැ. ඉතින් මේක නිසා බොහෝ රෝගීන්ට කිසිදු ප්‍රශ්නයක් නැතුව තම ජීවිතය පවත්වා ගන්න ලැබෙනවා. මේ අතර තැලසීමිය රෝගීන්, ශල්‍ය කාර්ම වලට භාජනය වන ය බොහොමයි. මීට අමතරව අද මම කතා කරන්න යන්නේ තවත් වැදගත් දානමය පින්කමක් සම්බන්ධවයි. ඒ ඔබේ ශරීරය දැන් දීමයි.

ශරීරය දැන් දීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද..?

ඇත්තටම ඔබට මෙවැනි ප්‍රශ්නයක් සිතේ ඇතිවීම සාධරණයි. ඇත්තටම මියගිය දේහයක් වල දැමීම හැර වෙනත් දෙයක් සඳහා යද ගත හැකිද යන්නයි. ඇත්තෙන්ම කීවොත් එවැනි දේහ වෛද්‍ය විද්‍යාල වල ඉගෙනුම සදහා බොහෝ වැදගත් වෙනවා. මොකද කීවොත් වෛද්‍ය ශිෂයන් තමන්ගේ මුල් වසර දෙක බොහොමයක් ගත  කරන්නේ ශරීරය පිලිබඳ හැදෑරීමෙන්. ඉතින් මෙම කාර්යයට ඒවා විච්චේදනය කිරීම (dissection) අවශ්‍ය වෙනවා.

Saturday, February 2, 2013

හර්පීස් (Herpes) වලින් ප්‍රවේසම් වෙමු.


සමාජ රෝග(STD)- 01

හර්පීස්(herpes)


දිගු කාලෙකට පස්සේ ලියපු ලාදුරු(Leprasy) ගැන ලිපිය ගොඩ දෙනෙක් බලලා තුබුන නිසා මට හිතුන මගේ සෙනසුරාදා හවස මගේ පාඨක ඔබ වෙනුවෙන් වෙන් කරන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සමේ රෝගයක් ගැන නෙවේ, සමාජ රෝගයක් ගැන. මෙම රෝගයේ නම තමයි ලිංගික හර්පීස් (Genital herpes). කොටින්ම කීවොත් අපේ රටේ සමාජ රෝග අතරින් බහුලව වාර්තා වන රෝගයක් කීවොත් නිවැරදියි. ඒඩ්ස්  හැරුණු විට විට බොහෝ සමාජ රෝග(STD) සම්පුර්ණයෙන්ම සුව කරන්න පුළුවන් වුනත් මෙම රෝගය සමහරවිට නැවත නැවත මතුවීමේ අවදානමක් තියනවා. රෝගයක් වශයෙන් බොහෝ බරපතල නොවුවත්, මෙය බොහොම කරදරකාරී ලෙඩක් වෙනවා.

හර්පීස් ගැන අපි දැනගතයුතු වන්නේ ඇයි..?

කොටින්ම කීවත් අපි බොහෝදෙනා සමාජ රෝගවලින් පෙලෙන රෝගීන් විදින පීඩාවන් දැකල තියනවා බොහොම අඩුයි. ඇත්තෙන්ම එහෙම දැනුවත් වුනානම් මෙවැනි රෝගවල ව්‍යාප්තිය බොහෝ දුරට අඩු වෙන්න තිබුණා. මෙම රෝගය ගැන මම මුලින්ම අවදානය යොමුකළේ මට මුලින්ම මෙවැනි රෝගියෙක් වාර්තා වුන දිනයෙයි. මම බොහෝ වෙලාවක් එම පුද්ගලයාගේ කතාවට ඇහුන්කම් දුන්නා, ඉතින් අවසානෙට මට ඇතිවුනේ බොහොම කලකිරීමක් හා දුකක්. අසීමිතව අසවල් පසුපස හබායන එක අවසන් වෙන ආකාරය ගැන. ඉතින් එදා පටන් මට තවත් රෝගීන් ගණනාවක් හමුවුනත් ඔවුන් සැමදෙනාගේම කතාව බොහෝදුරට සමානයි.