ශරීර ස්කන්ධ දර්ශකය(Body Mass Index)
ශරීර ස්කන්ධ දර්ශකය යනු අපේ ශරීරයේ බර හා උස අතර අනුපාතය පෙන්වන දර්ශකයකි. මෙහි වැදගත්කම වනුයේ එය නිකන්ම නිකන් දර්ශකයකට වඩා අපේ සෞඛයය පිලිබද පැහැදිලි කරන නිදර්ශකයක් වීමයි. මෙය අපේ ආහාර රටාව, වයායාම වල යෙදිම, ඒ වගේම සමහර රෝග වලට ඇති අවදානම වගේ බොහෝ කරුණු පෙන්වනවා. මෙය පහල තියෙන සමීකරණයෙන් ගනනය කරන්න පුලුවන්.
ශරීර ස්කන්ධ දර්ශකය(BMI) = ඔබේ බර(කිලෝ ග්‍රැම් වලින්)
ඔබේ උස2( වර්ග මීටර වලින්)
නැත්නම් මගේ බ්ලොග් එකේ වම්පත්තේ තියන ගැජට් එකෙනුත් පුලුවන් ඒක ගනනය කරන්න.
ඊට පස්සේ ඔබේ BMI අගය පහල තියෙන අගයනුත් එක්ක සන්සන්දනය කරලා බලන්න.
ශ.ස්.ද වර්ග කිරීම
17.0 ට අඩු අඩු බර17.0 සිට 22.9 දක්වා සාමනයය
23.0 සිට 27.9 දක්වා අධි බර
28.0 සිට ඉහලට ස්ථුල
(දැනට ශ්‍රි ලංකව තුල යොදා ගන්නා අගයන් අනුව සකසා ඇත)
මෙම අගය රටින් රටට වෙනස් වන අගයක් වෙනවා. එයට හේතු වෙන්නේ අපේ සිරුරේ හැඩය හා ප්‍රමාණය ජාතිය අනුව වෙනස් වීමයි. ඒ අනුව ලෝක සෞඛයය සංවිධානය ලොවටම පොදු අගයක් ඉදිරි පත් කරලා තියනවා.
ශ.ස්.ද වර්ග කිරීම
18.0 ට අඩු අඩු බර18.0 සිට 24.9 දක්වා සාමනයය
25.0 සිට 29.9 දක්වා අධි බර
30.0 සිට ඉහලට ස්ථුල
(මෙය ලංකවේ ගනනය සඳහා සුදුසු නොවේ)