Friday, November 2, 2012

වේද මදුර අලුත් විදියකට

කට්ටියම පොඩ්ඩක් ඇවිත් යන්න 


ඔන්න එහෙනම් මාස ගානකට පස්සේ වැඩේට බහින්නයි යන්නේ. ඔන්න  මම බ්ලොග් එක සම්පුර්ණයෙන්ම සිංහලට පෙරලනවා මගේ රටේ  පාටකයන් වෙනුවෙන්. පසුගිය කාලේ මම බ්ලොග් ගෙන නැවත වරක් පොඩි අද්ධයනයක් කරන්න හිතුවා. එතකොට දෙකක දෙ තමයි තවමත් ශ්‍රීලංකාව තුල සිංහලෙන් සෞක්‍ය ගැන කතාකරන සයිට් එකක් හොයා ගන්න නැති තරම් බව . ඉතින් මම හිතුවා මගේ ඉංගිසියෙන් ලියපු පොස්ට් සියල්ල අයින් කරලා සිංහලෙන්ම වැඩේ පටන් ගන්න. මේ වෙනකොට මගේ සයිට් එක පේජ් රන්කින් වල 3ට ඇවිත් තියනවා. ඉංග්‍රීසියෙන්ම කරගෙන ගියානම් හොද තැනක් ගන්න තිබුනා.

ඒ වුනාට වැඩේ හිතුව තරම් ලේසි නෙති පාටයි . මොකද කීවොත් තවම මට පරිගණකයක් වත් නැහැ. ඉතින් ලැබ එකේ තියන එකෙන් තමයි මේවා ටයිප් කරන්නේ. එතකොට ඉතින් මොකුත් සොෆ්ට්වෙය එහෙමත් පාවිච්චි කරන්න අමාරුයි. ගුගල් ට්‍රාන්ස්ලටෙර් එකෙන් කරගන්න වෙඩක් තමයි. අනික වෙලාවෙත් පොඩි පොඩි ප්‍රශ්න නැතුවම නෙමේනේ තව ටික දවසකින් අවසන් වසරටත් කිට්ටු වේගන එනවා.

ඉතින් අද මම ව්ශේෂ මර්තුකාවක් ගෙන කතා කරන්නේ නැ. පොඩි දැනුවත් කිරීමක් විතරයි කලේ. ඔයගොල්ල හැමෝම ඉස්සර වගේම මාත් එක්ක ඉදියි කියල හිතානවා.තව මොනවා හරි යෝජනා තියනවනම් කියන්න. විශේෂයෙන් අපි ඉදිරියට කතා කරන්න ඕන දේවල් ගැන එහෙම. එහෙනම් ගිහින් එන්නම්. මම ඔන්න අලුතෙන් තව ඉංග්‍රීසි බ්ලොග් එකකුත් හැදුවා. එකටත් මෙතනින් ගිහින් පොඩි සපෝට් එකක් දෙන්න. අයේ ඉක්මනින්ම හමුවෙමු.

3 comments:

  1. හොඳයි හොඳයි... දිගටම ලියමු... අපි එන්නම් බලන්න... ජය වේවා...

    ReplyDelete
  2. බොහොම සතුටුයි. ඔබ මගේ බ්ලොග් එක බලන්න. මම එහිදී නොයෙක් මාතෘකා කතා කරනවා. කෙසේ වුවත් ඔබට සුභ පතමි. දිගටම ලියන්න.

    ReplyDelete
  3. හොඳ උත්සහායක්! සුභ පතනවා

    නිමාෂා..

    ReplyDelete