Saturday, February 2, 2013

හර්පීස් (Herpes) වලින් ප්‍රවේසම් වෙමු.


සමාජ රෝග(STD)- 01

හර්පීස්(herpes)


දිගු කාලෙකට පස්සේ ලියපු ලාදුරු(Leprasy) ගැන ලිපිය ගොඩ දෙනෙක් බලලා තුබුන නිසා මට හිතුන මගේ සෙනසුරාදා හවස මගේ පාඨක ඔබ වෙනුවෙන් වෙන් කරන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සමේ රෝගයක් ගැන නෙවේ, සමාජ රෝගයක් ගැන. මෙම රෝගයේ නම තමයි ලිංගික හර්පීස් (Genital herpes). කොටින්ම කීවොත් අපේ රටේ සමාජ රෝග අතරින් බහුලව වාර්තා වන රෝගයක් කීවොත් නිවැරදියි. ඒඩ්ස්  හැරුණු විට විට බොහෝ සමාජ රෝග(STD) සම්පුර්ණයෙන්ම සුව කරන්න පුළුවන් වුනත් මෙම රෝගය සමහරවිට නැවත නැවත මතුවීමේ අවදානමක් තියනවා. රෝගයක් වශයෙන් බොහෝ බරපතල නොවුවත්, මෙය බොහොම කරදරකාරී ලෙඩක් වෙනවා.

හර්පීස් ගැන අපි දැනගතයුතු වන්නේ ඇයි..?

කොටින්ම කීවත් අපි බොහෝදෙනා සමාජ රෝගවලින් පෙලෙන රෝගීන් විදින පීඩාවන් දැකල තියනවා බොහොම අඩුයි. ඇත්තෙන්ම එහෙම දැනුවත් වුනානම් මෙවැනි රෝගවල ව්‍යාප්තිය බොහෝ දුරට අඩු වෙන්න තිබුණා. මෙම රෝගය ගැන මම මුලින්ම අවදානය යොමුකළේ මට මුලින්ම මෙවැනි රෝගියෙක් වාර්තා වුන දිනයෙයි. මම බොහෝ වෙලාවක් එම පුද්ගලයාගේ කතාවට ඇහුන්කම් දුන්නා, ඉතින් අවසානෙට මට ඇතිවුනේ බොහොම කලකිරීමක් හා දුකක්. අසීමිතව අසවල් පසුපස හබායන එක අවසන් වෙන ආකාරය ගැන. ඉතින් එදා පටන් මට තවත් රෝගීන් ගණනාවක් හමුවුනත් ඔවුන් සැමදෙනාගේම කතාව බොහෝදුරට සමානයි.



හර්පිස් හැදෙන්නේ කොහොමද..?

හර්පීස් කියන්නේ ස්පර්ශය මගින් බෝ වන රෝග ගණයට අයත් වන වෛරසයක්. මෙය රුධිරය මගින් වුවත් බෝ වීමට හැකියාවක් තියනවා. ස්පර්ශයක් ඇතිවීම කියන්නේ රෝගී ලිංගික අවයව හරි තුවාලයක් හරි ගැටීම. ඉතින් මෙමගින් ඔබේ ශරීරයට රෝගකාරකය ඇතුල් වීම සිදිවීමෙන් තමයි රෝගය ඇතිවෙන්නේ.

රෝගය හදුනා කියල දැනගන්නේ කොහොමද..?

අපේ ජීවිතයේදී දැඩිව  කලයුතු එක් වැදගත් පුරුද්දක් තමයි, ලිංගික ආශ්‍රය එක් විශ්වාසවන්ත  පමණක් සීමා කිරීම. එසේ නොකර වෙනත් ඇසුරක් පැවැත්වීම ඔබට සමාජ රෝගයක් ඇතිවීමට වැඩි අවස්ථාවක් ඇති කරනවා. සමහර විට එවැනි සබදතා පවත්වන සහකරුවෙක් හෝ සහකාරියක් හිමිවීමත් එයට හේතුවක් වෙනවා. විශේෂෙන්ම කාන්තාවන් අතර මෙය බහුල වෙනවා. එයට හේතුව වන්නේ ඔවුන්ගේ සහකරුවන් තමයි.

මෙම රෝගයේ ලක්ෂණ තමයි ඔබේ ලිංගික අවයව ආශ්‍රිතව කුඩා තුවාල(වන) රාශියක් ඇතිවීම. මේවා බොහොම වේදනාකාරී  වෙනවා. මුලිකම මේවා බිබිලි ආකාරයෙන් මතුවීම සිදුවෙනවා. සමහර විට ලිංගික අවයව හැරුණු විට තවත් බොහෝ ස්ථාන වල මතුවීමේ අවදානමක් තියනවා. විශේෂයෙන්ම ගුද මාර්ගය හා මුඛය එයින් ප්‍රධානයි.

මෙම රෝගය වලක්වා ගතයුත්තේ ඇයි....?

මුලින් පැවසු විදියට මෙය නැවත නැවත මතුවීමේ අවදානමක් තියන රෝගයක් වෙනවා. එම නිසා ඔබෙන් ඔබේ සහකරුට බෝ වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔබ ගර්බනී මවක්නම් ඔබේ දරුවට බෝ වෙන්න පුළුවන්. එමගින් දරුවට විවිධ රෝගී  මතු වීමේ අවදානමක් පවතිනවා.

හර්පීස් වලක්වා ගන්නේ කොහොමද.....?

මෙහිදී වැදගත්ම කරුණ තමයි ලිංගික සබදතා සීමා කිරීම. එසේත් නෙත්නම් ආරක්ෂක ක්‍රම භාවිත කිරීම (කොන්ඩෝම් භාවිතය ) . නමුත් මෙහිදී වඩාත් සැලකිය යුතු කරුණ වෙන්නේ අනෙක් පුද්ගලයාගේ ලිංගික ශ්‍රව තම ශරීරයේ ස්පර්ශ කර නොගේනීමයි. ඔබට මෙවෙනි රෝගයක් මතු වූ වහාම ප්‍රතිකාර ගැනීම වැදගත් වෙනවා. එමගින් සම්පූර්ණ සුවය ඇතිකර ගැනීමට අවස්ථාවක් තියනවා. මේ සඳහා ප්‍රතිකාර ඔබේ ලගම ලිංගික රෝග සයනයෙන් නොමිලේ හා පවුද්ගලිකත්වය ආරක්ෂාවන පරිදි ලබාගැනීමේ හැකියාව තිබෙනවා.
අනෙක් බොහොම වැදගත් කරුණු 2ක තමයි; ඔබේ රෝගය උත්සන්න වන කාලයේදී ලිංගික ක්‍රියා වලින් වැළකීම හෝ කොන්ඩම් භාවිතය හා ඔබ ගර්ගනී මවක්නම් සිසේරියන් සැත්කමකින් දරුවා ලබාගැනීම.

( මෙම ලිපියේ සම්පූර්ණ අරමුණ වුයේ විශේෂයෙන් අයාලේ යන තරුණ පරපුර මෙවැනි ලිංගික රෝග වලින් මුදවා ගැනීමයි. එමනිසා මෙය වෙනත් අයුරින් අර්ථ දැක්වීමක් නොකරන්න. ඔබ තවදුරටත් බලාපොරොත්තු වන්නේනම් පමණක් මෙවැනි රෝග සම්බන්ධයෙන් දැනුවත් කිරේම සිදු කරන්නට කටයුතු කරමි.  තවද, මෙවැනි ලිංගික රෝග පිළිබද මට බොහෝ දැනුමක් ලබාදුන් මගේ ගුරුතුමාට(ලිංගික රෝග විශේෂ වෛද්‍ය) බොහෝ ස්තුතිවන්ත වෙමි.)

හර්පීස් ගැන තව දුරටත් දැන ගැනීමට පහත ලිපිය බලන්න. 

5 comments:

  1. බොහොම ස්තූතියි. ඔබතුමා දිගටම ලියන්න. :)

    ReplyDelete
  2. Thanks for your effort to deliver impotent article to the society

    ReplyDelete
  3. ස්තූතියි, මෙම වෛරසය ශරීරයේන් ඉවත් කල හැකිද වෙදකමින්

    ReplyDelete
  4. Yes, really its very important to acknowlege like these diseases. Its helpful for all human. This need to appreciate.

    ReplyDelete