Monday, April 29, 2013

ලාබයි ලාබයි වෛදය උපාධි ලාබයි...!

ශි ලංකාවේ නව අධායපන පෞද්ගලික කරනය


ඔන්න කලෙකට පස්සේ ආයෙත් ලියන්න හිතුනා. ඒ මෙච්චර කල් මගේ බ්ලොග් එකේ කතා නොකරපු කාලීන මාර්තෘකාවක් ගැනැ ඒ තමයි අපේ රෝහල් වලට හා අනාගත විශ්ව විදයාල පද්ධතියට මුහුන දෙන්න ඉතා වැදගත් ප්‍රශ්නයක් ගැන ඒ තමයි රටේ විශ්ව විද්යාල පද්ධතිය පෞද්ගලිකකරනය කිරීමේ දෙවන පියවරේ ඇරබීමයි. මීට කලකට පෙර අපේ සමාජයේ පෞද්ගලික වෛද්යය විද්යාල කියන ප්‍රශ්නය දැඩිව කතා වුනා. එහෙත් මේ වන විට ඊටත් වඩා ඉතා බරපතල ප්‍රශ්නයක් මතු වීගෙන එනවා. කොහොමද ඔයාලට කැමති උපාධියක් කැමති ගානකට ගන්න තිබ්බොත්. ඔන්න එහෙනම් එස් බ් ඇමතිතුමාගෙන් අලුත් වැඩසටහනක් ඇරබිලා තියනවා. ඒ තමයි මෙතෙක් කල් පෞද්ගලික විශ්ව විද්යාල හරහා ගෙනෙන ලද පුද්ගලික උපාදි වලට අමතරව තවත් කටයුත්තක් ඇරබීම. ඒ තමයි රජයේ විශ්ව විද්යල තුලම ශ්‍රි ලන්කවේ උපාදි විකිනීම්.

සමහර විට ඔයගොල්ලන්ටත් හිතෙන්න පුලුවන් කොච්චර හොදද අපටත් මහන්සි වෙන්නේ නැතිව උපාධි ගන්න පුලුවන්නේ කියලා. ඒකත් ඇත්ත කොච්චර හොදද දොස්තර කෙනෙක් වෙන්න තියනවනම් නේද..? ඔන්න එහෙනම් ඔය ගොල්ල හැමෝටම අවස්ථාව තියන්වා දොස්තර කෙනෙක් විතරක් නෙවෙයි, ඉංජිනේරුවෙක්, නීතිවේදියෙක් එහෙමත් නැත්නම් ලංකාවේ තියන ඕනැම උපාදියක් සල්ලි වලට ගන්න.

උපධි විකිනීමේ අලුත්ම ක්‍රමය හා මිල

ඔන්න එහෙනම් කතාවට එන්නම්, මෙතෙක් කල් අපේ  විවිධ රජයන් උත්සහ කලා කෙසේ හෝ අධයාපනය පෞද්ගලිකකරනය කිරීමෙන් මුදල් උපයා ගන්න. ඔන්න එහෙනම් පසුගිය සතිය අවසානය වන විට එහි සම්පූර්ණ වැඩ කටයුතු අවසාන වීමෙන් අනතුරුව ගැසට් පත්‍රය නිකුත් වුනා. එහි සදහන් විදියට කොටියෙන්ම ලොකේ ඕනැම කෙනෙක්ට හෝ ලංකාවේ ඕනැම කෙනෙකුට අවශය මුදල තමා සතු බව පෙන්වීමෙන් මේ සදහා ඇතුල් විය හැකිය. එහි විවිධ කරුණු ගැන කතා කරලා තිබුනත් අවසන් වශයෙන් සාරංශය එයයි. ඒ සදහා $12,000 ක මුදලක් වාර්ෂිකව ගෙවිය යුතු වෙනවා. එය ආසන්න වශයෙන් වසරකට රුපියල් 1,560,000.00 මුදලක් වෙනවා. ඒ කියන්නේ වසර 5 අවසානයේ රුපියල් 7,800,000.00 එහෙමත් නැත්නම් රුපියල් ලක්ෂ 78ක් වැයවෙනවා. මෙය වෛද්යය සහ දන්ත වෛද්යය සිසුන් සදහා යන වියදමයි. ඊට අමතරව විව්ධ පාඨමාල සදහා විවිධ මුදල් නියම කර ඇත.



පරිපූරක වෛදය
(හෙද, ඖෂධ, රසායනාගාර, භෞතචිකිත්සක) $ 10,000 >>> රුපියල් 5,200,000.00 (ලක්ෂ 52)
ඉන්ජිනේරු, ආයුරුවේද වෛදය                     $ 8,000   >>> රුපියල් 4,160,000.00
අනෙකුත් විද්යා හා ගණිත පඨමාලා                 $ 6,000  >>> රුපියල් 3,120,000.00
නීතිය                                                             $ 5,000  >>> රුපියල්  2,600,000.00
කලමනාකරනය                                             $ 4,000  >>> රුපියල්  2,080,000.00
කලා උපාධි පාඨමාලා                                     $ 3000  >>>  රුපියල්  1,170,000.00

ඇත්තෙන්ම අපි මේ සම්බ්න්ධව සිතා බැලුවොත් අධයාපනය අමු අමුවේ විකිනීමක් ආරම්භ කර ඇති ආකාරය පැහැදිලි වෙනවා. මෙතෙක් විවිද ආකාරයෙන් නිදහස් අධයාපනයට එරෙහිව ක්‍රියාත්මක වු ත්‍රස්ත වාදය අද වන විට එලි පිට ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇත. මේ හමුවේ  නිදහස් අධයාපනය අනතුරෙහි වැටෙන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීම වටී.

නිදහස් අධයාපනයට වන හානිය

සි ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා නිදහස් අධයාපන ප්‍රතිපත්තිය ගෙන ඒමෙන් බලාපොරොත්තු වුයේ එතෙක් රදල පැලැන්තිය අතර පමනක් පැවති අධයාපනය රටේ සියලුම ජනතාව අතරට ගෙන යාමයි. ඒ තුලින් ශ්‍රි ලංකීය නම් ලෝකය තුල ‍රැන්දු වෛදවරු, ඉංන්ජීනේරුවන් පරික්ෂකයන් හා විවිධ පුද්ගලයන් බිහි විය. ඒ තුලින් රටේ අනාගතයට හා සංවර්ධනයට විශාල දයකත්වයක් ලැබුනේ සුදුස්සාට හා දක්ෂයාට සුදුසු තැන ලැබීම නිසාය. එතුමා මධය විද්යාල සන්කල්පය වැනි සන්කල්ප තුලින් එය තවත් තීව්‍ර කලේය. ඉන් පසුව ක්‍රියත්මක වූ මහපොල ප්‍රතිපත්තියද එය තවදුරටත් ඉදිරියට ගෙන ගියේය.

නමුත් අද වන විට ඒ වෙනුවට අධයාපනය ක්‍රමයෙන් නැවතත් මුදල් වලට විකිනෙන තත්වයට පත් කරමින් පවතී. ඒ තුල අවසානයේ රටේ සියලුම විශ්ව විද්යාල පෞද්ගලික කරනය දක්වා කටයුතු සැලසෙනු ඇත. මෙහි ආරම්භය ලෙස 4.5% සිසුන් ප්‍රමනයකට මුදලට උපාදි විකිනීම ඇරබී ඇත. එය ඉතා සුලු සන්ඛයවක් ලෙස හැගුනද ඉතා විශල සංඛයාවකි මන්ද සම්පූර්ණ වෛද්යය සිසුන් ගනන 1000කට ආසන්න වෙයි. එයින් 4.5% යනු 45කි. දැනට විශ්ව විද්යල වලට එම සිසුන් ගැනීමටනම් පවතින සිසුන් සන්ඛයාවෙන් යම් ප්‍රතිශතයක් අඩු විය යුතුය. එය ආරම්බයේදි 17,000 පමන වන මුලු සිසු සන්ඛයාවට අනුව ආසන්න වශයෙන් සිසුන් 850ක අඩුවීමක් සිදු කල යුතුය.  මෙය කොතරම් විශාල සංඛයවක්දැයි ඔබට එවිට වැටහෙනු ඇත. මෙය තව දුරටත් ඉහලට නොයනු ඇතැයි කිසිවෙකුට නිශ්චිතව කිව නොහැක.

ඔබටත් මෙයට ඇතුලත් විය හැකිද..?

මෙහි විහිලුවනම් මෙතරම් 0.0001Z පමන අගයක් අඩු වීමෙන් විශ්ව විද්යාල යාමට නොහැකි වූ සිසුන් කොතෙකුත් සිටියඩී S 3 සාමර්තය යටතේ සිදුකරන සම්මුඛ පරික්ෂනයකින් සිසුන තොර ගනු ලැබීමයි. ඒ තුල මෙම ගැටලුව කොතරම් හොදින් විසදෙනවාදැයි ඕනැම ළදරුවෙකුට වටහා ගත හැකිය.  ඒ තුල ගමේ ගොවිතැන් කරන ගොවියගේ දරුවාටවත්, පාසලේ අනෙකුත් සිසුන්ගේ සිප් සතර කියා දෙන්නට වෙර දරන ගුරුවරයගේ දරුවාටවත් අවස්තාවක් නැත. එකම අවස්තාව ඇත්තේ මුදලට පමනි.

පෞද්ගලික විශ්ව විදයාල සන්කල්පයට අප විරුද්ධ විය, ඒ වෙන කිසිවක් නිසා නොව රටේ නිදහස් අධයාපනයට හා නිදහස් සෞඛ්යට වන හානිය දැකීමෙනි. එතැනින් පහලට අපට කිසිදු දේශපාලන අරමුනක් නොවීය. මෙම ප්‍රශ්නය තුල ඊට එහා ගිය ගැටලුවක් ඔබට අනාගතයේ මුහුන දෙන්නට සිදුවනු ඇත. ඒ තුල ඔබේ දරුවාද අයාලේ යන තවත් එකකු වනු ඇත. ඒ තුල සිදුවන් මානව හිමිකම් කඩවීම් කිසිවෙක් කතා නොකරනු ඇත. ඔබ නිහඩව සිටියහොත් අනාගතය ඔබට සාපකරනු ඇත. මෙය ලියන්නේ ඉතා කර්ය බහුල හෝර කිහිපයක් කැප කිරීමෙන් අනතුරුවය. මෙය බුද්ධිමත් මිනිසුන් සදහා මිස තමාගේ ප්‍රතිපත්ති මුදලට විකුනන හෝ මාධ්ය සදාචාරය නොදන්න ජනමාද්යය, දෙස ඔහේ බලා සිටින්නන් වෙනුවෙන් නොවේ. මා නිදහස් අධයපනයේ ප්‍රතිපල ලබා හමාරය. තව ටික කලකින් වෛදය වරයෙකි. එමනිසා මෙය කතාකිරීමෙන් මට ලැබෙන කිසිවක් නැත. එසේ වුවද මෙය සාකච්චාව සදහා විවර කරමි. 
 මෙන්න මේන් තියනවා අලුතෙන් නිකුත් වුන පත්‍රිකාව

UGC Sri Lanka

No comments:

Post a Comment