Friday, May 25, 2012

පණුවෙක් කල හදියක්.....................


                   ඩොක්ටර් හවුස් 2 - pilot කතාව

                                                                                
 ඔන්න හවුස් (Dr. House) ගාවට ලෙඩෙක් එනවා. එයා මොන්ටිසෝරි ටීචර් කෙනෙක්. නම robeka. එන්නේ හදිසියේ කතා කරගන්න බැරි වෙලා ඒත් එක්කම ඇති වෙච්ච වලිප්පුව වගේ තත්වයක් එක්ක. ඉතින් මේ ලෙඩාට බෙහෙත් දෙද්දි ඉස්සර වෙලාම සැක කරන තත්ත්වේ තමයි මොලයේ ඇතිවන ගෙඩියක් වගේ දෙයක්. ඉතින් ඒකට ගැලපෙන සාක්ෂියකුත් හම්බවෙනවා ඒක තමයි ගෙඩියකට සාමාන තත්වයක් CT එකේ හම්බ වෙන එක. ඉතින් ඔලුවේ හැදෙන ගෙඩියක් කියපුවාම පිලිකාවක් වෙන්නත් පුලුවන්නේ. මොන විදියේ එකක් වුනත් ඒක බරපතල තත්වයක්. මොකද කීවොත් ඒක නිසා ස්නායු වගේ දේවල් තදවෙලා විවිධ බරපතල තත්ත්ව එන්න පුලුවන්. ඉතින් දොස්තර Wilson තමයි ඉස්සරලාම බෙහෙත් කරන්නේ එයා විකිරණ ( radiotherapy) ප්‍රතිකාරත් කරලා බලනවා. එහෙම හරියන්නේ නැති තැන තමයි හවුස් ලගට එන්නේ.

         ඉස්සර වෙලාම  හැමදාම වගේ කට්ටිය පැටලෙන්නේ පඹගාලක තමයි. ඉතින් ඉස්සර වෙල්ලාම එන විසඳුම තමයි වැස්කූලයිටිස් (vasculitis) කියන තත්වය. ඉතින් බෙහෙත් කරගෙන යද්දි හොද වෙනවා. එත් අයෙමත් තත්වය එක වරම බරපතල වෙන නිසා අයෙත් ඉතින් පරණ තැනට වැටෙන එක තමයි වෙන්නේ. එත් දැන් තියන එකම වැදගත් දේ තමයි ලෙඩාට vasculitis නැ කියන තත්වය දන්න එක. ඒත් තව දුරටත් පිලිකාවක බය තියනවා.




        ඔන්න ඔහොම ඉද්දි තමයි හවුස්ගේ මොළේට අලුත් අදහසක් පහල වෙන්නේ. ඒ තමයි පනුවෙක් ගැන අදහස. ටිකක් අමුතු වුනත් මෙතන වෙන්න බැරි දෙයක් නැ. අපි දන්නේ නැති වුනාට අපේ ඇගේ එක එක ජාතියේ පුංචි පුංචි සත්තු ඉන්නවානේ. ඒ අතර එකෙක් තමයි පුංචි පනුවෝ. එයාලත් වර්ග ගොඩක් ඉන්නවා. ඒ අතර පටි පනුවෝ(tape warms) හා වට පනුවෝ(round warms) කියන  ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුලුවන්. උන් බොහෝ දෙනෙක් ආහාර මාර්ගයේ තමයි ඉන්නේ. එහෙම උනත් තත්ත්වේ බරපතල වෙද්දි වෙනත් අවයව දක්වා යන්න පුලුවන්. මෙතනදි සැක කරන්නේ පටි පනුවෙක් ගැන. පටි පනුවෝ තමන්ගේ ජීවන චක්‍රයේ එක කොටසක් එක ජීවියෙකුගේ ඇගේ ගෙවනවා. ඊට පස්සේ තවත් කෙනෙකුට මාරු වෙනවා. බොහෝ විට මොවුන් හම්බ වෙන්නේ ඌරන්ගේ ඇගේ හා හරක්ගේ ඇගේ. ඊට පස්සේ හරියට උයපු නැති කැම වලින් හරි අපිරිසිදු කැම වලින් හරි තමයි බෝ වෙන්නේ. 

                            
                                                                                           tape warm
         ඒත් ඉතින් අයෙමත් තවත් ලෙඩකට බෙහෙත් ගන්න ලෙඩා කැමති වෙන්නේ නැ අඩුම ගානේ පරික්ෂනයකටවත්. ඒ මදිවට හවුස්ටත් හොඩක් හිත රිදෙන කතාවක් කියනවා මේ ලෙඩා. ඔන්න ඔය අවස්ථාවේ තමයි දොස්තර චෙයිස්ට(Dr. Cheise) අලුත් දෙයක් හිතෙන්නේ ඒ තමයි පොඩි X-ray එකක් ගන්න එක.  මොකද සමහර විට ලොකු දේවල් වලින් කරන්න බැරි දේවල් පුංචි පරික්ෂනයකින් කරන්න පුලුවන්නේ.කොහොම හරි ඔන්න පනුවෙක් හොයා ගන්නවා කලවේ මාංශ පේශි වල ඉදලා.ඉතින් එතනින් එහාට බෙහෙත් දෙන එක බොහොම පොඩි දෙයක්. ඔන්න ඔකයි pilot කතාවේ සිද්ධිය වෙන්නේ.

ඔයාලා මෙක බලලා නැත්නම් හොයාගෙන බලන්න. pilot episode කියලා හෙවුවාම හම්බ වෙයි.මම ඉස්සර වෙලා කීව වගේ කට්ටිය බැලුවනම් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. තවත් කතාවකින් හම්බ වෙමු.

4 comments:

  1. ඔයාලගේ කොමෙන්ට් හා ගැටලු මෙතනට දාන්න.......

    ReplyDelete
  2. මේක චිත්‍රපටියක්ද?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි මම චිත්‍රපටි ගොඩටම එකතු කරලා තිබුනට මේක TV series එකක්නේ ඒ ගැන මගේ ඉස්සරවෙලා ලිපියේ කියලා තියනවා තැන්ක් මතක් කලාට
      http://dragon-hunter95-srilankanhotnews.blogspot.com/2012/04/dr-house-01.html

      Delete
  3. පණුවගෙන් මොකක්ද කරන්න යන්නේ ???

    ReplyDelete