Thursday, March 28, 2013

ඉරුවාරදය(Migraine) ඔබටත් තියනවාද....?


ස්නායු රෝග(neurological diseases) - 01

ඉරුවාරදය සහ හිසරදය (Migraine & Headache)


ඇත්තටම අද වෙනකොට අපි විව්ධ ලෙඩ රෝග ගැන කතකරලා තියනවා. ඒ අතර ගැස්ට්‍රිටිස්, හර්පීස් වගේ ලෙඩ රෝග ගනනවක්ම තිබුණා. ඉතින් මේ වෙනතෙක් මාත් එක්ක දිගටම හිටපු මගේ පඨකයන්ට මම ගොඩක් ණය ගැතියි. ඇත්තෙන්ම කොච්චර වැඩ තිබුනත් ඉදල හිටලා හරි පොස්ට් එකක් දාන්නේ ඒ ගොල්ල වෙනුවෙන්. තවත් කියන්න තියෙන්නේ ඔයලාට තියන ප්‍රශ්න කොමෙන්ට් එකක් විඩියට දාන්න බැරිනම් මගේ ලිපිඅක් එවන්න. නැත්නම් මගේ මුහුනු පොතේ පිට්වට යොමු කරන්න.

ඇත්තෙන්ම කීව වගේ අද අපි කතා කරන්න යන්නේ නිතර හමු නොවන එත් ටිකක් වෙනස් හා හොදින් හදුනා ගතයුතු රෝගයක් ඒ තමයි ඉරුවරදය එහෙමත් නැත්නම් Migraine.



ඉරුවරාදය කියන්නේ මොනවගේ ලෙඩක්ද..?

මෙය අපි හදුන්වන්නේ ස්නයු පද්ධතිය ආශ්‍රිත තත්තයක් විදියටයි. මෙතෙක් නිවැරදි හේතුවක් සහ රෝගය ඇතිවන ආකාරයක් ගැන නිවැරදි සොය ගැනීමක් කරලා නැති වුවත් මෙ සදහා විවිධ හේතු බලපැ හැකි බව මේ වනවිට සැක කරනවා ඒ අතර අනෙකුත් ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග, මානසික රෝග, වගේ දෙවල් හදුනගෙන තිබෙනවා. මෙම තත්වය සදහා ස්නයු ආශ්‍රිත රුධිර නාළවල ඇතිවන සන්කොචනය සහ විස්තරය වීම හේතුවෙනවා. මෙම රෝග තත්වය බොහෝවිට පහත රෝග ලක්ෂන මත පදනම් වෙනවා.
1. අධික හිසරදය
2. හිසරදයත් සමග ඇතිවන වමනය
3. හිසරදයත් සමග ඇතිවන ආලෝකයට අකමැති ස්වභාවය
4. හිසරදයත් සමග ඇතිවන ශබ්දයට අකමැති ස්වභාවය
5. ඇස්වල ඇතිවන ආලෝක ධාරා

ඉරුවරදය හා හිසරදයේ වෙනස කුමක්ද...?


සාමානයෙන් Migraine කියන්නෙත් එක විධියක හිසේ රදයක් තමයි. නමුත් මේවාට හේතු වෙනස් වෙනවා. එමනිසා මුලිකවම මෙම අවස්ථා දෙක වෙන්කර ගත යුතු වෙනවා. මොකද කීවොත් ඉ රුවරදය කියන්නේ බොහෝ කලක් බෙහෙත් ගන්න වෙන තත්වයක්. අනිත් කරුණ වෙන්නේ සමහවිට ඔබේ හිසේ ඇතිවන වේදනාව වෙනත් පිලිකව්ක් වැනි තත්වයක් වෙන්නත් පුලුවන්. එමනිසා පලමුවෙන්ම කිවිය යුතු වැදගත්ම කරුන වෙන්නේ දීර්ග කාලීන හිසේ කැක්කුම් සගවාගෙන ඉන්න එපා, එය වෛද්යය වරයෙකු ලව සැකහැර දැනගන්න කියන එක.




වැඩිපුරම හැදෙන්නේ කාටද..?
වැඩිපුරම මෙම තත්වය ඇති වෙන්නේ කාන්තාවන්ටයි. සාමානයෙන් වැඩිපුරම තියෙන්නේ තරුණ  පරපුර අතරයි. සමහර විට කුඩා කාලයේ ඇතිවන Migraine තත්ත්ව ඉබේම නිවැරදි වෙනවා. අනිත් කරුන වෙන්නේ පවුලේ කෙනෙකුට හැදිල තියනවාද කියන එක. මීට අමතරව සමහර ලෙඩ රෝග සමගත් වැඩි ප්‍රවනතවක් ඇතිබව සොයගෙන තිබෙනවා. ඒ අතර මීමැස් මොරය, මානසික අවපීඩනය, ගැස්ට්‍රිටිස් වගේ රෝග ඇතුලත් වෙනවා.


Migraine වලට ප්‍රතිකර තිබෙනවාද..?

බොහොවිට අපට දීර්ග කාලීන ප්‍රතිකර තුලින් තමයි මෙම තත්වය පාලනය කල යුතු වෙන්නේ. මොකද කීවොත් එය දිගු කාලීනව පවතින ත්ත්වයක් නිසා. ඉතින් අපි කලයුතු අනෙක් වැදගත් කර්යයක් වෙන්නේ අපිට රෝගය සදහා හේතුවන කරුනු අවබෝධ කර ගැනීම හා ඒවයින් ඇත්වී සිටීම. උදහරනයක් විදියට සමහර පුද්ගලයන්ට රෝගය මතු වන්නේ අව්වේ සෙල්ලන් කිරීම වගේ අවස්තාවලදියි.

තවදුරටත් Migraine ගැන දැන ගැනීමට අවශයනම් පහත තියන ලින්ක් එකෙන් යන්න. මමනම් හිතන්නේ ඔබට මෙය  ප්‍රමානවත් වේව් කියලයි.
Migraine causes, risk factors and treatment options  (If you are a English user follow this link)


4 comments:

  1. මගේ බිරිද28 දැනට මාස 7ක පමණ සිට හිසේ අමාරුවකින් පසුවනවා, මේ රෝගලක්ෂණයන්ට අමතරව කලන්ත් කර වැටෙනවා, විනාඩි කිහිපයකින් සිහිය එනවා, ඇය වයස 12දි පමණ මිමැස්මෝරය රෝගයෙන් පෙලිසිට තිබෙනවා, mri scanඑකක් පවා සිදුකලත් වෙද්‍යවරුන් මේ දක්වා නිසි හේතුවක් දක්වන්නෑ,මුලින් ඔවුන් Migraine යයි කිව්වද දැන් පවසන්නේ එම රෝගය නොවනබවයි.

    ReplyDelete
    Replies
    1. @ Amila Niroshan, ඔබේ බිරිදට මුලින්ම වෛදයයවරු ඉරුවාරදයයැයි සැක කල එක නිවරදි මන්ද අප එසේ එය නිර්නය කරන්නේ CT හෝ MRI පරික්ශනයකින් තොරව පැහැදිලිව පෙනෙන රෝග ලක්ෂනයන්ට අනුවයි. එය පිලිගත් ක්‍රමයයි. සමහර විටෙක ප්‍රතිකාර වලින් කිසිදු වෙනසක් නොපෙන්වන නිසා තව දුරටත් පරික්ෂන කරන්න පෙලබෙන්න ඇති.
      කොහොම නමුත් ඇ මීමස්මොරය(epilepsy/fits) රොගයෙන් පෙලුනු බව සදහන් වෙනවා. අප මීමැස් මොරය යනුවෙන් හදුන්වනුයේ හදිසියේ ඇතිවන මාංශ පේශින්ගේ අධ් ක්‍රියාකරිත්වයත් සමග ඇතිවන ක්‍රිය දාමය අදාල රෝග තත්ත්වයයි. නුමුත් මීට අමතරව විවිධ වර්ගයේ epilepsy conditions අපට වෛදයය විද්යාවේදි හමු වෙනවා. ඒ අතර සමහර රොගීන්ගේ කිසිදු මාංශ පේෂි ක්‍රියවලියක් නොමැතිව අපේ මොලයේ මන්ශ පේෂි ක්‍රියකරිත්වයට සම්බන්ද නොවන ප්‍රදේශ වල ඇතිවන ප්‍රශ්න නිසා epilepsy තත්ත්වයක් අති වෙන්න පුලුවන්. මේවා බහිරව දිස්වන්නේ නිසොල්මනේ සිට්න රෝගියෙක් හදීසියේ කලන්තයට ලක්වීම වැන්නකින්. මේ අතරතුව රොගියට විවිධ ශබ්ද ඇසිම, සුවද දැනීම, වැනි තත්ත්වත් අති වෙන්න පුලුවන්. සමහර විටෙක ඔබගේ බිරිදට මෙවැනි තත්වයක් තිබිය හැකියි.
      ඔබගේ තොරතුරු අනුව මට මීට වඩා උපදෙසක් දීමට නොහැකියි. මෙවැනි අවස්තවකදි රොගයට හේතුව සෙවීම සහ වෙනත් බරපතල රෝගී තත්ත්ව නැතිබව සැක හැර දැන ගැනීම වැදගත් වෙනවා. ඒ සදහා දීර්ග කලීනව ලගම රෝහලේ ස්නායු සායනයට සහභාගි වන්න. අවශ්යනම් ස්නයු වෛදයය විශේෂග්ද වෛදයය වරයෙකුගේ(consultant Neurologist) උපදෙස් ලබා ගන්න.

      Delete
  2. Thanks for this article.. I've been suffering from migraines for 9 years...

    ReplyDelete
    Replies
    1. You are welcome කදු, I appreciate your comment a lot.
      According to my experience the incidence of the Migraine is increasing dramatically in our population, This may be due to the increased stress among younger population. Therefore please identify the risk factors and try to avoid them.

      Delete